
බස්නාහිර ඇතුළු පළාත්වලට අද (22 වැනිදා) දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ඉක්මවූ වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval