The-three-wheeled-robber-who-steals-money-and-cuts-his-face-is-in-the-police-net

මෙම වසරේ ජන­වාරි සහ පෙබ­ර­වාරි යන මාස දෙක ඇතු­ළත හයර් යන මුවා­වෙන් ත්‍රීවී­ලර් රථ­ව­ලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ල­කෑම් පිළි­බ­ඳව ත්‍රීවී­ලර් රියැ­දු­රන් 25කට අධික ප්‍රමා­ණ­ය­ක­ගෙන් පැමි­ණිලි වැල්ල­ම්පි­ටිය පොලි­සිය වෙත ලැබී තිබුණි.

“අපේ සල්ලි ටික අරන් ගියා නම් තව කමක් නැහැ කොල්ල­කාලා යන්නේ අපේ මූණ­වල් අත පය කපලා. මුණට පිහිය තියලා අදි­නවා. මේ මිනිහා අයිස් ගහලා මොළේ විකෘති වෙච්ච එකෙක්. ලේ දකින්න කැමති එකෙක්.



ලේ පෙරා­ගෙන පොලි­සි­යට පැමි­ණිලි කිරී­මට පැමිණි ත්‍රීවී­ලර් රියැ­දු­රන් කිහිප දෙනෙක්ම එලෙස පවසා ඇත.

වැල්ල­ම්පි­ටිය පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක ඉන්දික නිලන්ත මහ­තාගේ උප­දෙස් අනුව අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරි­ක්ෂක ඉසුරු ශාමික මහතා මේ පැමි­ණිලි පිළි­බ­ඳව විම­ර්ශන ආරම්භ කළේය.

මෙම කොල්ල­කරු ඇතුළු කණ්ඩා­යම පංචි­කා­වත්ත, ආමර් වීදිය ප්‍රදේ­ශ­යෙන් හයර් යන මුවා­වෙන් ත්‍රීවී­ලර් රථ­ව­ලට ගොඩ වී වැල්ල­ම්පි­ටිය, සේද­වත්ත පාරට රැගෙන විත් රියැ­දු­රන් සතු බඩු භාණ්ඩ කොල්ලකා පලා යන බව පසු­ගිය මාස දෙකක කාලය තුළ රියැ­දු­ර­න්ගෙන් ලැබුණ පැමි­ණිලි 25කට අධික සංඛ්‍යා­වක් නිරී­ක්ෂ­ණය කිරී­මේදී අප­රාධ විම­ර්ශන නිල­ධා­රී­න්හට පෙනී ගොස් ඇත. රියැ­දු­රන් හතර පස් දෙන­කු­ගේම මුහුණු පිහි­ය­කින් කපා තිබුණු අතර එක් අයෙ­කුගේ හිස මුදු­නට උල් පිහි­ය­කින් ඇන තිබූ බව ද පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන තිබුණි .



රියැ­දු­රන් සතු මුදල්, ජංගම දුර­ක­තන, රන් භාණ්ඩ ද මෙලෙස කොල්ලකා තිබුණි .

පොලි­සිය පසු­ගි­යදා සිදු කළ මෙහෙ­යු­ම­කදී මහා මාර්ගයේ රැඳී සිටි සැක කට­යුතු පුද්ග­ල­යෙකු පරික්ෂා කිරී­මට යාමේදි ඔහු අධික වේග­යෙන් දිව ගොස් තිබේ. ඒ අව­ස්ථා­වේදි අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු නිල­ධා­රීන් ද අධික වේග­යෙන් ඔහු හඹා ගොස් දැඩි ප්‍රය­ත්න­යක් දරා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­ක­රුව පරික්ෂා කිරී­මේදී ඔහු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි, මිලි­ග්‍රෑම් 300ක් හමුවී තිබුණි. මොහු ත්‍රීවී­ලර් රථ කොල්ල­කෑ­මට සම්බන්ධ බවට සැක කළ පොලි­සිය රැඳ­වුම් නියෝග ලබා ගෙන දිගින් දිග­ටම සිදු කරන ලද ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔහු ත්‍රීවී­ලර් රථ­වල ගොස් ඔහු විසින් සිදු කරන ලද කොල්ල­කෑම් 25ක් හෙළි කර­ගෙන තිබේ.



වැඩි­දු­ර­ටත් පරික්ෂා කිරී­මේදි මෙම සැක­ක­රුට විරු­ද්ධව නඩු 37ක් ද, වරෙන්තු 12ක්ද ඇති බව සොයා­ගෙන තිබේ. සැක­කරු අධික ලෙස අයිස් මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හිව සිටින බවද හෙළි වී තිබේ. සේද­වත්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි පුද්ග­ල­යකු බව­ටද හඳු­නා­ගෙන තිබේ. මෙම කොල්ල­කෑ­ම්ව­ලට ඔහු සමඟ සම්බ­න්ධව සිට ඇති අනෙ­කුත් අය ද අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන කට­යුතු සිදු කර­ගෙන යයි. සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.
මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ