
පොලොන්නරුව වලේකඩේ ප්‍රදේශයේ ගෙවත්තක නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති සම්මානලාභියකු ඇතුළු පස්දෙනකු ඒ සඳහා යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර්රථයක් ද සමඟ ඊයේ (07) සවස අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කඩවත පදිංචිකරුවෙකි.
සෙසු සැකකරුවෝ බණ්ඩාරවෙල, ගලේවෙල, කන්තලේ, මීරිගම යන ප්‍රදේශවල අවුරුදු 30 ත් 50 ත් අතර අය වෙති. සම්මානලාභියා 1999 වර්ෂයේදී යන්ත්‍රයක් නිපදවා ජනාධිපති සම්මාන ලබාගත් අයකු වන අතර ඔහු එම සම්මානය ලබාගෙන තිබුණේ පොළොව යට වස්තු තිබේදැයි සොයන ස්කෑන් යන්ත්‍රයක් නිපදවීම වෙනුවෙනි.ඔහු නිපද වූ යන්ත්‍රය ඉතා සූක්ෂම ලෙස සවිකරන ලද කැමරාවකින් පොළොව යට සියලු සියලු වස්තූන් දර්ශනය වන අයුරින් නිපදවා මේ කටයුත්තට යොදාගෙන තිබූ බව පොලිසිය කියයි.නිධන් වස්තු සෙවීම සඳහා ඔවුන් මෝටර් රථයකින් පැමිණ ඇත්තේ මීට සතියකට පෙරදී යැයි කියති.
ජල ව්‍යාපෘතියක් ඉදිකිරීමට ළිඳක් කපන මුවාවෙන් මෙම ස්ථානයේ කැණීම් කර ඇති අතර සැකකරුවන් සතුව තිබූ උල්කටු, යකඩ කූරු, වතුර මෝටර්, වයර් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (8) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව කොට්ඨාස විමර්ශන අංශයේ උප පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා පැවසීය.
නිමල් ජයරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval