A-deadly-Russian-missile-lands-near-the-convoy-of-Zelensky-and-the-Greek-leader
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටාකිස් ගමන් ගත් රථ පෙළ ආසන්නයේ රුසියානු මිසයිලයක් පතිත වී තිබෙයි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගිය අතර වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්රේන නාවික හමුදාවේ ප්‍රකාශක Dmytro Pletenchuk පවසා ඇත.


කෙසේ නමුත් එහිදී Zelensky හෝ Mitsotakis තුවාල ලබා නැත.
මෙය සිදුව ඇත්තේ බදාදා කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත එල්ල වූ මාරාන්තික ප්‍රහාරයක් අතරතුරය.

සෙලෙන්ස්කි නිතරම මෙවැනි ඉහළ අවදානම් චාරිකා සිදු කරන අතර රුසියාව සමඟ වසර දෙකකට වැඩි යුද්ධයක් පුරා ලෝක නායකයින් බොහෝ ගණනක් යුක්රේනයට ගෙන්වාගෙන ඇත.

නේටෝ සාමාජික රාජ්‍යයක නායකයෙකු වන මිට්සෝටකිස් වෙත එවැනි ප්‍රහාරයක් සමීප වීම  සංචාරවල අන්තරායන් සහ ගැටුමේ ගෝලීය ප්‍රතිවිපාක විය හැකි බව ද අවධාරනය කරනු ඇත.

එම සිදුවීම දැකීමට සහ ඇසීමට තරම් තමා සමීපව ඒ මොහොතේ ඒ ආසන්නයේ සිටි  බව සෙලෙන්ස්කි පවසා ඇත.



සෙලෙන්ස්කි  වැඩි දුරටත් පවසා ඇත්තේ  අද වින්දිතයින් සිටින බව ඔහු දන්නා බවත්, අපි ගනුදෙනු කරන්නේ කා සමඟද යන්න ඔබට පෙනෙනු ඇති බවත්,ඔහු තවමත් සියලු විස්තර නොදන්න්නා බවත්,නමුත් මියගිය හා තුවාල ලැබූවන් සිටින බව ඔහු දන්නා බවත්ය.

එසේම ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ අපි මුලින්ම සහ ප්‍රධාන වශයෙන් අපව ආරක්ෂා කර ගත යුතුයි සේම ඒ සඳහා හොඳම ක්‍රමය ගුවන් ආරක්ෂක පද්ධතියක් තිබීමයි යනුවෙන් ය.

මිට්සෝටකිස් පැවසුවේ  ගුවන් ප්‍රහාර සයිරන් ඇසීමට පෙර සෙලෙන්ස්කි ඔහුට මාස ගණනක් රුසියානු ප්‍රහාරවලින් විශාල හානියක් සිදු වූ දකුණු නගරයේ සංචාරයක් ලබා දුන් බවයි.

මිට්සෝටාකිස් බදාදා පසුව වාර්තාකරුවන්ට පවසා  ඇත්තේ ඔවුන් ඔවුන්ගේ මෝටර් රථවලට ගොඩ වන විට,  විශාල පිපිරීමක් ඇසුන බවත්,මම හිතන්නේ මෙහි සැබෑ යුද්ධයක් සිදුවෙමින් පවතින බවට අපට ඇති හොඳම, වඩාත් විචිත්‍රවත් මතක් කිරීම එය බවත් එය සොල්දාදුවන්ට පමණක් බලපාන්නේ නැති බවත්, එය අපගේ අහිංසක සහෝදර පුරවැසියන්ටද බලපාන බවත් ය.


ඔඩේසා පිහිටා ඇත්තේ ඩැනියුබ් නදියේ ආරම්භ ස්ථානයේ වන අතර යුක්රේනයේ ධාන්‍ය අපනයන සඳහා එය තීරණාත්මක වෙයි.රුසියාව සිය ආක්‍රමණය දියත් කළ දා සිට එය නැවැත්වීමට වරින් වර උත්සහ කල අතර එය යුක්රේනයේ නාවික හමුදාවේ ප්‍රධාන කඳවුර ද වනු ඇත.



රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, මොස්කව් වේලාවෙන් පෙරවරු 11.40 ට (පෙ.ව. 3.40 ET) සිය හමුදාව මෙම ප්‍රහාරය දියත් කළ බව ය.

රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා ඔඩෙසා හි කාර්මික වරාය දිස්ත්‍රික්කයේ  කොටසකට ප්‍රහාර එල්ල කල පසු යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ මිනිසුන් රහිත බෝට්ටු සටන් භාවිතය සඳහා සූදානම් වෙමින් පවතී.

රුසියාව පසුගිය දිනවල කලාපයට එල්ල කරන ප්‍රහාර වේගවත් කර ඇති අතර සෙනසුරාදා නගරයේ මහල් නිවාසයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන්  ළමයින් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය බව යුක්රේන බලධාරීන් පවසා ඇත.

සෙලෙන්ස්කි පැවසුවේ මෙම ප්‍රහාරය රටේ ගුවන් ආරක්‍ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වන බවය.

එසේම රුසියාවේ අඛණ්ඩ ආක්‍රමණයේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා බටහිර නායකයින් යුක්රේනයට පැමිණිය යුතු බව ඔහු බොහෝ විට තර්ක කර ඇත.



ප්‍රහාරයෙන් පසුව කතා කරමින් සෙලෙන්ස්කි පවසා ඇත්තේ ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ "මතකයට ගෞරව කිරීම" සඳහා මිට්සෝටකිස් සාදරයෙන් පිළිගත් බවත්  මේ සදහා වැඩි අවදානයක්  ලබා දෙන ලෙස ඔහුගේ කණ්ඩායම් වලින් ඉල්ලා සිටි බවත්ය.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ  ලෝකයට ප්‍රමාණවත් තරම් ගුවන් ආරක්ෂක පද්ධති සහ ආරක්ෂාව සඳහා ආයුධ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බවත්,ජීවිත බේරා ගැනීමට ආයුධ අවශ්‍ය වන බවත්,යම් දිනක නොව සෑම දිනකම රාත්‍රියේ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට මුහුණ දෙන මිනිසුන් සඳහා එය උපකාර වන බවත් ය.


කෙසේනමුත් යුක්රේනය සඳහා ආධාර ලබාගැනීමට  එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ගේ ඩොලර් බිලියන 60 ක ඉල්ලීම ඇනහිට ඇති අතර මෙම ප්‍රහරෙන් පසු එය නැවත කතාවට ලක්ව ඇත.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයෙක් පවසන්නේ මෙම ප්‍රහාරය රුසියාව සෑම දිනකම නොසැලකිලිමත් ලෙස යුක්රේනයට පහර දෙන ආකාරය සහ යුක්රේනයේ හදිසි අවශ්‍යතා, විශේෂයෙන් ගුවන් ආරක්ෂක බාධක සඳහා වන තවත් මතක් කිරීමක් යනුවෙන් ය.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ අපි නැවතත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ යුක්‍රේනයට සහය වීමට ක්‍රියා කරන ලෙසයි, එවිට යුක්‍රේන සන්නද්ධ හමුදාවන්ට මෙම රුසියන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය උපකරණ සැපයීමට අපට හැකි වේ  යනුවෙන් ය.

යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් මෙම ප්‍රහාරය රුසියාවේ බියගුලු උපක්‍රමවල තවත් ලකුණක් ලෙස හෙලා දැක ඇත.

විශේෂයෙන්ම 2022 මැයි මාසයේදී රුසියාව විසින් කලාපයට කෲස් මිසයිල 10ක් එල්ල කරන විට මයිකල් ඔඩෙසා වෙත පැමිණ ඇත.