
මහවැලි ගඟේ නාවලපිටියේ පිහිටි අතු ගංගාවක නාමින් සිටිය දී දියේ ගිලී අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ සිසුවා ඊයේ (4) මියගිය බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ඉසුරු මදුරංග තිලකරත්න 24 හැවිරිදි තරුණයෙකි. කටුගස්තොට රත්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවකුවන ඔහු මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි සිසුවෙකි. සිසුන් 25 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 24 වැනි නාවලපිටිය රෝහලේ සායනික පුහුණුවකට ගොස් එය නිමා කිරීමෙන් අනතුරුව ඉන් සිසුන් කිහිපදෙනකු මහවැලි ගඟේ අතු ගංගාවක දිය නාමින් සිටිය දී මෙම සිසුවා ජලයේ ගිලී අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එක්කයට ඇතුළත් කරනු ලැබ සිටියේය. පේරාදෙණිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
ෂේන් සෙනෙවිරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval