
අරලියගහ මන්දිරයේ තාප්පයෙන් පැන නවාතැනක් ගැන කියවමින් සිටි සැකකරුවන් දෙන්නෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
කොල්ලුපිටිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර ඇති මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන් නවාතැන් ගෙන සිටින මුහන්දිරම් පාරේ ලැගුම්හල වෙත ගූගල් සිතියම භාවිතා කරමින් පැමිණෙමින් සිටි බව පරීක්ෂණ වලදී හෙළිව ඇත.
එසේ එද්දී අරලියගහ මන්දිරයේ තාප්පය අසලින් මාර්ගය අවසන් වී ඇති නමුත් බීමත්ව සිටි සැකකරුවන් දෙදෙනා සිතා ඇත්තේ තාප්පය පැන්න පසු නවාතැන හමුවන බවටය.
ඒ නිසා ඔවුන් තාප්පය මතින් අරලියගහ මන්දිර භූමියට පැන තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙයි.
එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් විසින් දෙදෙනා අල්ලාගෙන කොල්ලුපිටිය පොලිසියේ ජංගම සංචාරක නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබේ.
ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට පත්විය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයකු සහ වෙළඳ නාවික ලෙස රැකියාව කරන පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval