
මියගිය ව්‍යාපාරික සැමියාගේ මෘත දේහය නීතීඥ බිරිය සහ රජයේ ලිපිකාර බිරිය යන දෙදෙනාම ලබා ගැනීමට උත්සාහ දැරීමෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන්, දෙපාර්ශ්වයේ එකඟතාව මහ දේහය ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමේ සිද්ධියක් පානදුර දකුණ පොලිසියෙන් වාර්තා වේ.
පානදුර වලාන පදිංචි 65 වියැති ව්‍යාපාරිකයකු පෙරේදා (21) සිය නිවසේ දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් පානදුර මූලික රෝහල මියගොස් තිබුණි.
මියගිය ව්‍යාපාරිකයා විවාහ දෙකක් කරගෙන තිබූ අතර ඔහු මිය යද්දී දෙවැනි විවාහයේ බිරිඳ සමග ජීවත්ව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
පළමු කසාදයේ බිරිය නීතිඥවරියක වන අතර දෙවැනි කසාදයේ බිරිය ප්‍රාදේශීය කාර්යාලයක ලිපිකාරිනියක බවත් දෙකෙන්ම දරුවන් කිහිප දෙනෙකු සිටින බවත් සඳහන් වේ.
හදිසි මරණ පරික්ෂණය පානදුර හදිසි මරණ පරීක්ෂක දුමින්ද අධිකාරම් මහතා පැවැත්විය.
සුදුසු පරිදි අවසන් ගෞරව දක්වා අවසන් කටයුතු කිසිදු ගැටුමකින් තොරව කරන ලෙස දෙදෙනාට දැනුම දී ඇත.
පානදුර සුමිත් පොතු පිටිය
Comments
Post a Comment
Your comment will be visible after approval