තරුණ තරුණියන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට අයවැයෙන් වාර්ෂිකව වෙන් කළ ප්‍රතිපාදන වලින් රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුමේ තැන්පත් කරගත් බව කියන "නයිටා" ආයතනයේ වැටුප් අංශ නිලධාරිනිය ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාන් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (22) නියම කළාය.


"නයිටා“ ආයතනයේ නව නිපැයුම් ඒකකයේ වැටුප් අංශ පරිගණක පද්ධතියට හොර රහසේ ඇතුළුවී එහි දත්ත වෙනස් කරමින් සැකකාරිය රුපියල් ලක්ෂ 160ට අධික මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුමට බැර කරගෙන ඇතැයි කියමින් කොළඹ වංචා විමර්ශන අංශය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.


මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ නිපුණතා සංවර්ධන වෘත්තිය අධිධ්‍යාපන පරේෂණ නව නිපැයුම් වැටුප් අංශයේ නිලධාරිනියක වන කාංචනා ඉන්ද්‍රසිරි නමැත්තියකි.
කොළඹ වංචා විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ නිලධාරීන් සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී සැකකාරිය නව නිපැයුම් ඒක වැටුප් අංශ පරිගණ පද්ධතියට කොර රහසේ ඇතුළු වී එහි දත්ත වෙනස් කරමින් තම පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් 16,24,136ක මුදලක් බැරකරගෙන ඇතැයි හෙළි වූ බව දැනුම් දුන්නේය


ඇය රජයේ මුදල් වංචා කිරීම මගින් පොදු දේපළ පහත යටතේ වරදක් කර ඇතැයිද ඒ අනුව ඇය අත්අඩංගුවට ගත්තේ යැයිද කී නිලධාරිහු සිද්ධිය සමබන්ධයෙන් දීර්ඝ වශයෙන් මර්ගත කරන හෙයින් ඇය රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ
ඉදිරිපත් වූ කරුණු පලතා බැලීමෙන් අනතුරුව ලබන මස 05 වැනිදා දක්වා සැකකාරිය රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළාය.

රෝෂන් තුෂාර