
2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 දා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඒ අනුව මැයි 6 දා සිට මැයි 15 දා දක්වා විභාගය පැවැත්වෙන බව දැනුම් දෙයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 දා සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 තෙක් පැවැත්වීමටත් විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
පැවැත්වීමට නියමිත අනෙකුත් විභාග සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව, 2024 වසරට අදාළව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval