
අධික අව්ව පවතින මේ කාලයේ නාරාහේන්පිට පාසලක ගුරුවරියක දරුවන් පිරිසක් අව්වේ දණගස්වා සිටින ආකාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා මේ වනවිට සංසරණය වෙයි.
එම දරුවන් දණගසාගෙන සිටින ස්ථානයේ අදාළ ගුරුවරිය ද රැඳී සිටින ආකාරය ද ඒ දර්ශන පෙළින් දැකිය හැකිය.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි එම දෙමාපියෝ අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ල සිටිති.
අප මේ ගැන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතාගෙන් විමසූවිට මෙසේ කීය.
“මෙවැනි ක්‍රියා මා අනුමත කරන්නේ නැහැ. ඊටත් මේ කාලයේ පවතින අව්ව එතරම් හෙඳ නැහැ.දරුවන්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ටත් අහිතකරයි. ගුරුවරුන්ට වුණක් චක්‍රලේඛ පනවා තිබෙනවා. කාටවත් දරුවන්ට ශාරීරික දඬුවම් කරන්න බැහැ. විශේෂයෙන් අධ්‍යාපන බලධාරීන් මේ සම්බන්ධයෙන් ගුරුවරුන් විදුහල්පතිවරුන්ව දැනුවත් කිරීම අවශ්‍යයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජූඩ් ඩෙන්සිල් පතිරාජ
Comments
Post a Comment
Your comment will be visible after approval