
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රෙඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සදහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් කියා විරහිතවීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පෙබරවාරි මාසයේ සිට යාන්ත්‍රික දෝෂයක් ඇති වී තිබෙන මෙම විකිරණ යන්ත්‍රය විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ළමා පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා ප්‍රතිකාරය ලබා දීමට
බැවින් පොරොත්තු ලේඛනයේ ළමා පිළිකා රෝගීන්ද රැසක් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය. හේතුවෙන් ළමා පිළිකා රෝගීන් මහත් අපහසුතාවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.තත්වය කෙතරම් බරපතළ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්නය විසඳීමට කිසිඳු පියවරක් නොගෙන නොදැක්කා සේ සිටීමෙන් ප්‍රශ්නය තවත් උත්සන්න වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.
විකිරණ චිකිත්සා ප්‍රතිකාරය සඳහා පෞද්ගලික රෝහල් රුපියල් ලක්ෂ 7 සිට රුපියල් ලක්ෂ 17 දක්වා අධික ගාස්තුවක් අය කරන බවත් ඉන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන්ගේ පවුල් මහත් අපහසුතාවකට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළ
අවස්ථාවේදී රෝගී ජීවිත සැබවින්ම අවදානම් තත්තවයක පවතින බව ඔහු පිළිගත්තේය. අක්‍රිය වූ යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට හෝ ඒ සඳහා නව යන්ත්‍රයක් ලබා දීමට උත්සාහ කරමින් සිටින බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ශියන් ප්‍රනාන්දුපුල්ලේ
Comments
Post a Comment
Your comment will be visible after approval