The-office-lady-took-the-computer-home-with-her-promotion

ඉඩම් කොමසාරිස් කාර්යාලයක වසර 08ක් පමණ සේවයේ නියුතුව සිටි නිලධාරීනියක උසස්වීමක් ලැබීමෙන් පසු එම කාර්යාලයේ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් නැවත කාර්යාලයට බාර නොදී රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් වාර්තා වේ.මෙසේ ලැප්ටොප් පරිගණකයක් නිවෙසට රැගෙන ගොස් ඇත්තේ ප්‍රදේශයේ ප්‍රබල

දේශපාලනඥයකුගේ බිරියක බව පැවැසේ. මෙලෙස ඇය රැගෙන ගොස් ඇත්තේ 2017 වසරේ දී කාර්යාලයේ සේවා ගුණාත්මකභාවය ඉහළනැංවීම සඳහා සේවාලාභියකුගෙන් පරිත්‍යාගයක් ලෙස කාර්යාලයට ලැබී තිබූ ලැප්ටොප් වර්ගයේ පරිගණක පහෙන් එකක් බව පැවසේ.



එසේ ලැබුණු ලැප්ටොප් වර්ගයේ පරිගණක සියල්ල මෙතෙක් කාර්යාලයේ බඩු ලැයිතුවට (ඉන්වෙන්ට්‍රියට) ඇතුළත් කර නොමැති අතර, එසේ ලැබුණු එක් ලැප්ටොප් පරිගණකයක් පමණක් (2024) මෙම වසරේදී බඩු ලැයිතුවට ඇතුළත් කර ඇත. වසර ගණනාවක් තිස්සේ කාර්යාලය සතුව පැවැති එම පරිගණක යන්ත්‍ර කාර්යාලයේ විවිධ නිලධාරින් විසින් පාවිච්චි කරනු ලැබුවද අඛණ්ඩව වසරින් වසර පැවැත්වෙන භාණ්ඩ සමීක්ෂණයට ද ඉදිරිපත් කර නොමැති බව කියැවේ.මේ සම්බන්ධයෙන් එවකට මහියංගණ ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ඉඩම් කොමසාරිස් ලෙස සේවය කළ වර්තමානයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරන නුවන් සී හේමකුමාර මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.‍ෙ

“මගේ මතකයේ හැටියට පරිගණක 5ක් විතර අපට ලැබුණා පරිත්‍යාග ලෙස,

ඒ කාලේ මම එකක්වත් අරගෙන ගියෙත් නෑ. මටත් දැන් කීප දෙනෙක් කතා කරලා විස්තර ඇහුවා ඔෆිස් එකේ ඒ ලැප්ටොප් පරිගණකයක් නිලධාරිනියක ගෙදර අරන් ගිහිල්ලාද කියලා විස්තර අහන්න. ඒ කාලේ ඒවා කාර්යාලයේ උපකරණ ලැයිස්තුවට ඇතුළත් කරන්න කියලා අපි හරියට වැඩේ කළා. පරිත්‍යාගයක් ලෙස ලැබුණු දෙයක් වුණත් කාර්යාලයේ බඩු ලැයිතුවට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි.ෙමහියංගණ ඉඩම් කොමසාරිස් කාර්යාලයේ වර්තමාන ඉඩම් කොමසාරිස් එම්.එම්.කේ. පුෂ්පකාන්ති මහත්මියගෙන් මේ පිළිබඳව විමසීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ දීමෙන් වැළකී සිටියා ය.

 රංජිත් කරුණාවීර