
මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අසූ හැවිරිදි කාන්තාවක මිය යාම සම්බන්ධයෙන් එම කාන්තාවගේ දහතුන් හැවිරිදි මුනුපුරා සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි බී.එම්. නන්දාවතී නමැති වයෝවෘද්ධ කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකාර දරුවා පාසල් සිසුවෙකි.මෙම කාන්තාව ඇයගේ මුනුපුරා විසින් තල්ලු කරනු ලැබුවේ යැයි කියන නිසා නිවස තුළ ඇද වැටී තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (10) මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම සිද්ධියට අදාළව පරීක්ෂණයක් පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම බාල වයස්කාර දරුවා සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් දරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරිවාස භාරයට පත්කළ බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. මිරිහාන මූලස්ථාන පොලිසිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval