
කළුතර පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ පොලිස් නිලධාරිනියක ඊයේ (20) පස්වරුවේ ට්‍රක් රථයකට යට වී, මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි.මියගොස් ඇත්තේ, දොඩංගොඩ, පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි, දමයන්ති වීරසූරිය නමැති සැරයන්වරියක බව පොලිසිය කීය.
මෙම පොලිස් නිලධාරිනිය රාජකාරි නිමවා බසයෙන් ගොස් මලබඩ හන්දියේදී බසයෙන් බැස, පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටියදී මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කළ ට්‍රක් රථයක ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.බරපතළ තුවාල ලබා සිටි නිලධාරිනිය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත්, රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවත් පොලිසිය කීය.ට්‍රක් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පානදුර - සුමිත් පොතුපිටිය
Comments
Post a Comment
Your comment will be visible after approval