
සිය භාරයටගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච් ෂීට් සොයාගෙන තිබූ අතර, පුත්තලමේ පෞද්ගලික සමාගමක දී එම ලන්ච් ෂීට් තොගය විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය ඊයේ (19) කටයුතු කළේය.
නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පැවරූ නඩු දොළහකට අයත්, නඩුභාණ්ඩ ලෙස ගබඩාකර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් මෙලෙස විනශ කිරීමට කටයුතු කෙරිණ.
බස්නාහිර පළාත සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව සිදුකළ මෙම නඩු පැවරීම් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය, කොළොන්නාව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය සහ කුරුණෑග, මහෙස්ත්‍රාත් අධිකරණය යන මහෙස්ත්‍රාත් අධිකරණවලදී විභාග කර ඇත.
නඩු විභාග කරන තෙක් මධ්‍යම පරිසර අධිකාරියට අයත් දොම්පේ සනීපාරක්ෂක කසළ රඳවනයේ මුද්‍රාතබා නඩු භාණ්ඩ ලෙස තැම්පත් කර තැබූ මෙම ලන්ච් ෂීට් තොගය ඊයේ විනාශ කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිමෙන්ති උඳුනක් තුළ අධික උෂ්ණත්වයේ දී දහනයට ලක් කොට පරිසර හිතකාමී ලෙස ලන්ච් ෂීට් තොගය විනාශ කර ඇත.
පරිසර සංරක්ෂණය උදෙසා පනවා ඇති නීති රෙගුලාසි නිසි ලෙස පිළිපදිමින් පරිසරය සුරැකීම සියලුදෙනාගේ වගකීමක් කොට සළකා පරිසර සුරක්ෂිතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval