horana-incident

හොරණ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අන්තර්ජාලයේ පළ කළ දැන්වීමකට අනුව රුපියල් ලක්ෂ 33ක මෝටර් රථය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු එය පරික්ෂා කරන මුවාවෙන් කොල්ලකා පලා ගොස් දින තිබියදී

ඊයේ (21දා) වාද්දුව වේරගමදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සීසීටීවී කැමරා දර්ශන 20කට ආසන්ත ප්‍රමාණයක දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.


ඉකුත් 17වැනිදා සැකකරු මෝටර් රථය මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා මෘදුකාංග ඉංජිනේරුවරයාද මෝටර් රථයේ නංවාගෙන හොරණ කණන්විල මාර්ගයේ ගොස් කනත්ත ආසන්නයේදී එන්ජිමේ දෝෂයක් ඇති බවට හගවා මෝටර් රථය එකවරම තිරිංග තදකර නතර කර ඇති බවත්,

සැකකරු ඉදිරිපස බොනට්ටුව විවෘත කර ඇති අතර මෝටර් රථය හිමිකරු වම්පස දොර විවෘත කර මෝටර් රථයෙන් බැස එන්ජිම දෙසට යාමත් සමගම රියැදුරු අසුනේ සිටි සැකකරු මෝටර් රථය ඔහු දෙසට එකවරම හරවා මෝටර් රථය වේගයෙන් පදවාගෙන පලා ගොස් තිබෙන බවට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.සැකකරු මෝටර් රථ අලුත්වැඩියා කරන්නෙක් බවත්, මීට පෙර කිසිදු හොරකමට පොලීසියට හසුවී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ