mahinda-yapa-speaks

අරගල සමයේදී ඇතැම් රාජ්‍ය විරෝධීන් සහ ව්‍යවස්ථා විරෝධීන් තමා මාර්ගයෙන් නීති විරෝධී රජයක් පිහිටුවා රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් බවට පත් කිරීමට කුමන්ත්‍රණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.



කෙසේ නමුත් රාජ්‍ය අකර්මණ්‍යය කිරීමේ සැලැස්ම තමාගේ නොවෙනස් ස්ථාවරය හේතුවෙන් ව්‍යාර්ථවී ගිය බවද ඔහු සඳහන් කළේය.ඔහු මෙසේ පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි. තමා කතානායක ධුරයට පත් කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ බව පැවැසූ අබේවර්ධන මහතා තමාගේ දේශපාලන පක්ෂය මේ රටේ ජනතාව බව ද ප්‍රකාශ කළේය.

ගිනි තැබීම්, මිනීමැරීම් හා රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවකු රටක් නැවත ගොඩනැගීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන්ව නැතැයිද ඔහු පැවසුවේය.මට සහාය දුන් සෑමටත් මා නිර්දය ලෙස විවේචනය කළ සැමටත් මා සදා කල්හිම නියෝජනය කරන අහිංසක ජනතාවටත් කිසිදු වෙනසක් නොමැතිව තමාගේ කාමරයේ දොර කවදත් එක ලෙසින් විවෘතව පවතින බවද කතානායකවරයා කීවේය.


අංජුල මහික වීරරත්න