gotabaya-book-launch

 “ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පොතක් ලියා තිබෙන අතර හෙට (7) එළි දක්වන්නට නියමිතය.
රු 1800 කට මිල නියම කර ඇති එහි 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව සටහන්ව ඇතැයි එම එළිදැක්වීම සමග යොමු කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්ය.
“මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයි” යනුවෙන් එහි පසු කවරයේ සඳහන් වෙයි.


මේ රට නිදහස ලබා ගතවූ පලමු 60 වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට රට තුළ විදේශ මැදිහත්වීම් සහ අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදුවෙමින් පවතින බවත් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය, නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාරී බල හුවමාරු පමණක් අත්විද තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර ඇති බවත්ය.

දේශපාලන ආරංචි හෙළිකරන්නේ බැසිල් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉදිරි පොහොට්ටු දේශපාලන ප්‍රචාරණය ඇරඹී ඇති බවත් ඊට ගෝඨා විරෝධයේ අවාසිය වෙනතක හැරවීමට මෙම පොත පාවිච්චි කරන්නට නියමිත බවත්ය.
2022 අරගලය යුක්ති යුක්ත මහජන ව්‍යාපාරයක් නොව කෘත්‍රීමව මවාපාන ලද කුමන්ත්‍රණයක් බවට මෙම කෘතියෙන් කරුණු ගෙන හැර දැක්වීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කළ ග්‍රන්ථ කිසිවක් ගැන ​හෝ ලිපියක් ගැන හෝ කිසිදු අදහසක් මේ දක්වා නොතිබුණ නමුත් ඔහු එක්වරම දේශපාලන ග්‍රන්ථයක් ලියා කලට වේලාවට දේශපාලන කථිකාවක් අරඹන්නට උත්සාහ කිරීම ඇතැමුන්ගේ සැකයටද හේතුවී ඇත.
කෘතිය සම්බන්ධ මාධ්‍ය නිවේදනය පහතින්