
කඳාන ප්‍රදේශයේ දී කප්පම් ඉල්ලා මස්කඩ හිමියකුට වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් ගිනි අවිය කඳාන පමුණුගම ප්‍රදේශයේ නිවෙසක බෆලයක් තුළ සඟවා තිබිය දී ඊයේ (5) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.එහිදී සැකකාරියෝ තිදෙනෙක් සැකකරුවෝ 6 දෙනෙක් ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 45 ක් සමග අත්අඩංගුවට ගනු ලැබූහ.
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායිහි සැඟවී සිටින රසික නොහොත් චූටි මල්ලී නැමත්තා මෙම අපරාධය මෙහෙයවා ඇති අතර ඔහුගේ පුංචි අම්මාට අයත් කඳාන පමුණුගම ප්‍රදේශයේ නිවෙසක බෆලයක් තුළ මෙම ගිනි අවිය සඟවා තිබිය දී සොයාගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.කඳාන ප්‍රදේශයේ මස්කඩ හිමියකුට කප්පම් ඉල්ලා තර්ජනය කර පසුව ඔහුට ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දිනෙක නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් තිබිණි.අත්අඩංගුවට ගත් සැකකරුවෝ සහ සැකකාරියෝ වැඩිදුර විමර්ශන සඳහා පමුණුගම පොලිසියට බාර දෙනු ලැබ සිටිති.
ගයාන් සූරියආරච්චි