
වේග රිද්ම ප්‍රසංග ගායිකාවක වන ‘ජින්ජර්‘ නිර්මාණය කළ ‘මං කොල්ලෙක් වුණා‘ ගීතයේ පූර්ව එළිදැක්ම සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති කර තිබේ. සති අන්ත පුවත්පතකට ඇය ඒ ගැන මෙසේ කියන්නීය.
“මේ අයිඩියා එක මට ආවේ අවුරුදු පහකට විතර ඉස්සෙල්ලා. මම මේකට ලිරික්ස් ලියන්න එක එක්කෙනාට භාර
දුන්නා. මට ඒවා සෙට් වුණේ නැහැ. මට තිබෙනවා වෙනම වයිබ් එකක්. මම ෆුල් ආතල් බුවෙක්නේ.
මම ප්‍රසංග වේදිකාවට නඟිද්දි මගේ කොලුකම හැම තිස්සෙම මතු වෙනවා. මම මවං කියාගෙනමනෙ එතැනට යන්නෙ. මං
කොල්ලෙක් වුණා නම් වගේ දෙයක් කරන්න පුළුවන් ඒ ගැම්ම ඇඟේ තිබෙන කෙනෙක්ට විතරයි. ඉතින් කෙල්ලෙක්ගෙ
කෙලිකම එක්ක ඕක කරන්න බැහැ. ඒකට පිරිමි නැකැතින් ඉපදිච්ච කෙනෙක් වෙන්නත් ඕන. අන්තිමේදී මම කෝල්
එකක් ගත්තා දිමියට. දිමියට මම මුලින්ම ලියන්න කිව්වේ යට ඇදුම් ගැන සින්දුවක්. ඒ ජංගි හොරා ෆිල්ම් එක ආපු
වෙලාවෙ මට ආපු ගැමීම එක්ක. මම දිමියට කිව්වා යට ඇඳුම් ගැන සින්දුවක්
ලියමුද කියලා කොමිටලයක් දොලා කියලා. එහෙම වුණොත් වයිරලුත් වෙයි කියලා. මට එයා කිව්වා ඔයා ඕපන් ස්ටේජ් එකේ
ඉන්න නිසා ඕක ටිකක් අමාරු වෙයි කියලා.
සින්දුවක් කරලා ඒක එළියට දාගන්න බැරි වුණොත් වැඩක් නැහැනේ.
ඊට පස්සෙ මම මං කොල්ලෙක් වුණා නම් ගැන අදහස කිව්වා. ඊට පස්සෙ ඒ වැඩේ අපිට කළා. මට ඕන වුණේ කොල්ලෙක්
කරන ආතල් වැඩ මේ වැඩේට ගේන්න.
ඊට පස්සෙ සුපිරි වචන ටිකක් දොලා ඒ සින්දුව ලිව්වා.“
(ගිහාන් සචින්ත -හද ගැස්ම)
Comments
Post a Comment
Your comment will be visible after approval