කාන්තාවන්ට  දේශපාලනය කිරීමට වර්තමානයේ සුදුසුම තැන බරපතළ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාකරන මාලිමාව යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාරිලිමේන්තු මන්ත්‍රිනී ආචාරිය හරිනි අමරසූරිය මහත්මිය පසුගියදා ලන්ඩන් නුවරදී ප්‍රකාශ කළාය.ලන්ඩන් නුවර පැවැති ජාතික ජනබලවේගයේ කාන්තා සමුළුව අමතමින් ඒ බව පැවසූ ආචාර්ය අමරසූරිය මහත්මිය මෙසේද කීවාය.

අපි මේ මොකක්ද කරමින් ඉන්නේ කියන අත්දැකීම ඔබත් සමග බෙදා ගන්න මම කල්පනා කළා. 'ගැහැනු අපි එක මිටට' කියලා අපේ රටේදී දිස්ත්‍රික් 16 ක පමණ සමුළු අපි පැවැත්වූවා. 2022 දී ආර්ථිකය කඩාවැටීම නිසා දරුණු  පහරක් එල්ල වුණා. ගෝල්ෆේස් අරගලය කියලා හැඳින් වූවත් රට පුරාම අරගල තිබුණා. ඒ විරෝධතාවල ඉදිරියෙන්ම සිටියේ ගැහැනු. හදවතේ දරාගෙන හිටපු, තවදුරටත් ඉවසා ගත නොහැකි වූ පීඩාව හමුවේ ගෙදරින් එළියට බහින්න පටන් ගත්තා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ ගැහැනුන්ට එකතු විය හැකි දේශපාලන අවකාශයක් නිර්මාණය කරමින් කාන්තා සභා පිහිටුවූවා.

2023 දෙසැම්බර් 30 මාතරින් පටන් ගත් රැලි පිටුපස විශාල ක්‍රියාවලියක් තිබෙනවා. ඔබ දකින අතිශයින්ම සාර්ථක රැලි පිටුපස මාස ගණනක ක්‍රියාකාරකම් බොහොමයක් ගම්මට්ටමෙන්, සංවිධානය වීම සහ නායකත්වය දීමෙන් බිහි වූ තත්වයක්. ඉදිරියට තවත් ශක්තිමත් වෙමින් ගොඩනැගූ විධායක කමිටු රැස්වෙමින් මාලිමාව තුළ දිගින් දිගටම වැඩකරමින් යනවා.ඔවුන් කවදාවත් හිතුවේ නැහැ ලංකාවේ ගැහැනුන් මේ ආකාරයෙන් ඔවුන්ගේ නායකත්වයට ශක්තිමත් පණිවිඩයක් දීමට ඉදිරිපත් වෙයි කියලා. අද සිදුවෙන විශිෂ්ටම දේ එයයි. අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය වෙනුවෙන් පෙළගැසෙන හොඳම බලවේගයත් එයයි. ගැහැනුන්ගේ ශක්තිය, හැඟීම්, කුළුගැන්වී එක අරමුණකට ඉදිරියට එනවා. අපේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය, සමාජ කඩා වැටීම වැනි ඍණාත්මක තත්වයන් රැසක් තුළ ඉතාම උසස් බලාපොරොත්තුවකුත් තිබෙනවා.

විදේශගත වී සිටින ඔබත් මේ මොහොතේ බැරෑරුම්කම තේරුම් ගෙන ලංකාව පරිවර්තනය කරන මොහොතක් ලෙස ගෙන ක්‍රියා කරන්න. ජනතාව සූරාකන දේශපාලන සංස්කෘතිය බාරගැනීමට සූදානම් පුරවැසියෙක් නොවෙයි තවදුරටත් ඉන්නේ.ම

ේක රට අලුත් මඟකට පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනාම එකතු විය යුතු මොහොතක්. ඒ පරිවර්තනය සරල ප්‍රතිපත්ති වලින් කළ නොහැකියි. එම සමාජ පරිවර්තනය වෙනුවෙන් ' ගැහැනු අපි එක මිටට' රට තුළ පමණක් නොවෙයි විදේශයන්හි පවා එකතු වෙමින් සිටිනවා. භෞතිකව ලංකාවට ඉතාමත් දුරින් සිටියත් මේ පරිවර්තනය වෙනුවෙන් විවිධ අංශ වලින් ඔබට සහභාගි විය හැකියි. දුරකථන ඇමතුමක් දී, සමාජ මාධ්‍ය පණිවිඩයක් දී ලංකාවේ සිටින ඔබගේ සමීපතමයන් දැනුවත් කරන්න. මේ වසර රටේ තීරණාත්මක පරිවර්තනයක් සිදු කරන වසර බවට පරිවර්තනය කර ගනිමු. යැයිද ඇය කීවාය.