
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක සිටි ජිරාෆ් පැටවෙකු ගෙල කැඩීම හේතුවෙන් මිය ගොස් ඇත.
මියාමිහි සත්වෝද්‍යාන ප්‍රකාශක රොන් මැගිල් පවසා ඇත්තේ සෙනසුරාදා උදෑසන කාර්ය මණ්ඩලය මෙම ජිරාෆ් ගැහැණු පැටවා මියගොස් ඇති බව තහවුරු කර ඇති බවයි.
නමුත් එය එක රැයකින් සිදු වූ නිසාත්, එම ආයතනයේ සේවකයන්ට නොපෙනෙන ලෙස එම සත්වයාගේ බෙල්ල කැඩීම සිදුව ඇති නිසාත් ඊට හේතුව කුමක්ද යන්න මේ වන තෙක් පැහැදිලි නැත.
ඒ අනුව මැගිල් මහතා අනුමාන කරන්නේ යම් දෙයක් හේතුවෙන් සත්වයා තිගැස්සී වැටකට පැනීමට උත්සහ කිරීමේදී එහි ප්‍රතිඵලයක් ලෙස මාරාන්තික තුවාල සිදු වූ බවයි.
ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ අනෙකුත් ජිරාෆ්වරුන් කිසිවකු කම්පනයට ලක්වීමේ සලකුනු නොපෙන්වා ඇති නමුත් සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය මෙම කණගාටුදායක සිදුවීමට හේතු වී ඇති දේ පිළිබඳ කිසියම් හෝඩුවාවක් සොයාගැනීම සඳහා රංචුව සමීපව නිරීක්ෂණය කරන බවයි.
ජිරාෆ් දෙසැම්බර් 15 වන දින සත්වෝද්‍යානයේ උපත ලැබූ 60 වැනියා වූ අතර උගේ උස අඩි 5 කට වඩා වැඩිව තිබී ඇත.
උගේ දෙමාපියන් වූයේ 13 හැවිරිදි සබ්රා සහ හය හැවිරිදි මැල්කම් ය.

Comments
Post a Comment
Your comment will be visible after approval