
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මානව ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය චන්ද්‍ර සිරි පල්ලියගුරු මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය.
සිංහල, සිනමාව සහ සංස්කෘතික විෂයයන් සම්බන්ධයෙන් කෘති 54 කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති මහාචාර්ය පල්ලියගුරු මහතා ඓතිහාසික නවකතා, විචාර ග්‍රන්ථ,
පරිවර්තන සහ ළමා කෘති පිළිබඳ සුප්‍රසිද්ධ ලේඛකයෙකි. ඔහු මිය යන විට 80 වැනි වියේ පසුවිය.
ඉරා අදුරු පට පෙරදිග අහසේ ගීතය ඇතුළු ගීත සහ කාව්‍ය ග්‍රන්ථ රැසක්ම ඔහු රචනා කර ඇත. ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයක් සම්මානයෙන්ද පිදුම් ලැබීය.
මහාචාර්ය පල්ලියගුරු මහතා 1995 වර්ෂයේදී පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර නැමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයට පුරෝගාමී කෘතියක් බවට පත්වී තිබේ. සිනමාව ගීතය නවකතාව කෙටිකතාව ගුවන් විදුලිය යන ක්ෂේත්‍ර වල කැපී පෙනෙන දායකත්වයක් දැක් වූ ඔහු රැගුම් පාලක මණ්ඩලයේ ද කටයුතු කර ඇත.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (24) දින බොරැල්ල කනත්තේ සිදු කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval