
දූෂණ චෝදනා සම්බන්ධයෙන් දිල්ලි ප්‍රධාන අමාත්‍ය සහ දූෂණ විරෝධී "ආම් ආද්මි ” පක්ෂයේ නායක අරවින්ද් කෙජ්ර්වාල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්දියාවේ දූෂණ විරෝධී හඬ ලෙස සැලකෙන්නේද ආම් ආද්මි' හෙවත් " පොදු මිනිසා " දේශපාලන පක්ෂයයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවක්ද දිල්ලි මහ ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
' ආම් ආද්මි' පක්ෂය, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ 2015 වසරේ සිටය. දිල්ලියේ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත සභාව ක්‍රියාත්මක කරන නීතිවලට පටහැනි අයුරින් කටයුතු කර ඇති බවටත්, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වා ගෙන ගිය බවටත් කෙජ්රිවාල්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙම චෝදනා සම්බන්ධයෙන් ආම් ආද්මි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කීප දෙනෙකු ද
පොලිස් අත්අඩංගුවේ පසුවන බව පැවැසෙයි.
ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා අදියර කිහිපයක් යටතේ ආරම්භ වෙයි. මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී දිල්ලි මහ ඇමැති මෙසේ අත්අඩංගුවට ගැනුණි.
මෙවර මහ මැතිවරණයෙන් ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අපේක්ෂා කරයි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම, ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන පක්ෂ 27 ක් හවුල් කර ගනිමින්,
'ඉන්දියා' යන නමින් විපක්ෂ සන්ධානයක් පිහිටුවා ගෙන ඇත්තේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් කිරීමටය.
' ඉන්දියා' විපක්ෂ සන්ධානයට අයත් එක් පක්ෂයක් වන්නේ කෙප්රිවාල්ගේ "ආම් ආද්මි' පක්ෂයෙයි.
කෙප්රිවාල් සන සෙසු පක්ෂ නායකයන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සිය කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval