borella-incident

බොරැල්ල පොලීසිය තුළදී සුළු මිදී අංශ ස්ථානාධිපතිවරයාට ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට පහර දුත් එකම පවුල් සහෝදරයයක් සහ සහෝදරියක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොළීසිය සදහන් කරයි.රාජගිරිය ඔබේසේකර පුර අරුණෝදය මාවත පදිංචි  වයස අවුරුදු 24 තැනැත්තියක හා 31 හැවිරිදි

ඇගේ සහෝදරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. බොරැල්ල පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා, පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරියක මෙහිදී පහරකෑමට ලක්ව තිබේ.



අත්අඩංගුවට ගත් සැකකාරිය මීට දින කීපයකට පෙර ඇගේ මවට විරුද්ධව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලස බොරැල්ල පොලීසියේ සුළු පැමිණිලි අංශයෙහි විභාග කරමින් සිටියදී සැකකාරිය විසින් ජංගම දුරකථනයෙන් පැමිණිල්ල විභාග කරන ආකාරය කටහඬ පටිගත කිරීම හේතුවෙන් එම අවස්ථාවේදී ඇයට අවවාද කර ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස පොලිස් භාරයේ තබා තිබිණි. අනතුරුව එම දුරකථනය නිදහස් කර ගැනීම සඳහා සැකකාරිය පැමිණි අවස්ථාවේදී කාන්තා පොලිස් කොස්තාපල්වරිය ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යාමේදී ජංගම දුරකථනය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට සැකකාරිය පැවසීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරිය ජංගම දුරකථනය ඇයට පරීක්ෂා කිරීමට ලබා දී ඇත.

එම අවස්ථාවේදී සැකකාරිය ජංගම දුරකථනයත් රැගෙන පොලීසියෙන් පළා යෑමට උත්සාහ දැරීමේදී පොලිස් නිලධාරිනිය විසින් එය වැළැක්වීමට යාමේදී සැකකාරිය විසින් එම නිලධාරිනියගේ ගෙලට පහරදී ඇති අතර සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසින් එය වැළැක්වීමට යෑමේදී සැකකාරිය සමග පැමිණි ඇයගේ සහෝදරයා විසින් ඔහුට පහර දී ඇතැයි පොලීසිය පවසයි.



එය දුටු පොලිස් සැරයන්වරයෙකු එය වැළැක්වීමට යාමේදී ඔහුටද සැකකරු විසින් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරුව සෙසු පොලිස් නිලධාරීන් විසින් අවම බලය යොදා පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට පත් සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.බොරැල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ