
කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් සඳහා වෙන්කරවාගෙන තිබූ ශ්‍රීලන්කන් ගුවන යානයක් ප්‍රමාද වී අවලංගු කිරීම නිසා ඔවුන්ට රැකියා සිහිනය බොඳ වී නැවත නිවෙස් බලා යාමට පෙරේදා (19වැනිදා) රාත්‍රියේ සිදුවී ඇත.
ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීම මත මෙම ශ්‍රමිකයන් සියදෙනා කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටියේ පෙරේදා (19 වැනිදා) රාත්‍රියේය.
හදිසියේම ගුවන් යානය ප්‍රමාදවීමත් සමග ගුවන් තොටුපොළේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර
අවසානයේ ගුවන් යානය අවලංගුවීම හේතුවෙන් සියලුදෙනා හැරී ගොස් තිබේ.
නියමිත වේලාවට මෙම පිරිස යැවීමට නොහැකි වූ නිසා ලබන 3 වැනිදා වනතුරු මෙම කණ්ඩයෙම කොරියාවට නොඑවන ලෙස කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇත.
එම සියදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ හයදෙනෙකුට නැවත කොරියාවට යාමට ඉඩ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ආරංචිමාර්ග සඳහන් කළේය.
එම පිරිසට ඒ වන විට නියමිත වයස ඉක්මවා තිබීම හේතුව විය හැකි බවද එම ආරංචිමාර්ග පැවැසීය.
ඉකුත් වසරේ ජුනි 20 වැනිදා යූ.එල්. 470 ගුවන් යානය පැය 12ක් ප්‍රමාද වීම නිසා කොරියාවට ශ්‍රමිකයන් යැවීමේ බරපතළ ගැටලුවක් උද්ගත විය. නියමිත දිනයට පැමිණීමට නොහැකිවීම නිසා 800 වන කණ්ඩායම පසුදින භාරගැනීම කොරියානු
මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය.
පසුගිය වසරේ මැයි 23දාත් කොරියාවට ශ්‍රමිකයන් රැගෙන යාමට තිබූ ගුවන් යානයක් ප්‍රමාද වීම නිසා ශ්‍රී ලාංකිකයන් කොරියාවට භාරගැනීමට ප්‍රතික්ෂේප කළේය. අවසානයේ එම පිරිස ජුනි 4 හා කොරියාව බලායාමට සූදානම් කළද එදිනද ගුවන් යානය පැය දෙකක් ප්‍රමාද විය.
(තිස්ස රවින්ද්‍ර පෙරේරා)
Comments
Post a Comment
Your comment will be visible after approval