
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඊයේ (20) විරෝධය පළ කළේය.
ඔවුන් දෙදෙනාට එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කී පොලිසිය දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අදාළ නියෝගය ලබන 27 වැනිදා තෙක් කල් තබන බව මහේස්ත්රාත්වරයා දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval