vidura-wicremanayake-assulate-sister

බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක තම වැඩිමල් සහෝදරිය සමග බහින්බස්වි පහරදීමක් සිදු කිරීමෙන් පසු 2019 වසරේ අත්අඩංගුවට පත්ව සිටියේය.
2018 වසරේදී නිවසේ සිදුවූ බහින්බස්වීමකදී ආරවුලක් ඇති වූ අතර


එවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා චෝදනාවලට නිවැරැදිකරු බවය.

තම සහෝදරියට අපයෝජනය කිරීම, තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංකා ලියනගේ මහත්මිය ඒ අනුව නියෝග කර තිබුණි.රුපියල් 25,000ක ශරීර ඇප මත මුදා හැර තිබුණි.



වික්‍රමනායක තමන්ට පහර දුන් බවට ඔහුගේම සහෝදරිය කළ පැමිණිල්ල නැවත බොරැල්ල පොලිසිය නඩුවක් පවරා තිබේ.ෙ
පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අමාත්‍යවරයාගේ වැඩිමල් සහෝදරියද අධිකරණයේ පෙනී සිටියාය‍ෙ
අක්කා සහ මල්ලි අතර ඇති වූ සුළු ආරවුලක් වුවත් නඩුව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය අකමැති වීම හේතුවෙන් නඩු විභාගය ආරම්භ කර ඇති බවට පැවසේ.
නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතාට එරෙහි නඩුව ජුනි 05 වැනි දින විභාග කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා ඊයේ (21) දින නියම කළේය.



පාර්ලිමේන්තු පැවැත්වෙන දිනයක් හා අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ ඡන්ද විමසීම හේතුවෙන් නඩු විභාගය වෙනත් දිනයක පවත්වන ලෙස නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා කළ ඉල්ලීමක් අනුව නඩු විභාගය එලෙස කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.