
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රිතක් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කථානායකවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.
පසුගිය කාලය තුළ සිදු වූ සිදුවීම් හේතුවෙන් සක්‍රීය ලෙස රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලියට දායක වීමේ අවස්ථාවක් තරුණ නායකයෙක් ලෙස හිමි නොවූ බැවින් පෞද්ගලිකව ඔහු තුළ පවතින දේශපාලන සිතුම් පැතුම් මෙම වාතාවරණය තුළ යතාර්ථයක් බවට පත් කරගැනීම දුෂ්කර වීම මත සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එම ලිපියේ සඳහන්ය.
කථානායකවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය පහතින් දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval