
සමගිජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නැයි පක්ෂයේ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.සංවිධායකවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති හමුවකදීය.
සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස දිගින් දිගටම පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කරමින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විනය කමිටුවට කැඳවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ද ඔවුන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත. මෙම හමුව සඳහා මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද සහභාගිවී ඇත.
නිමල කොඩිතුවක්කු
Comments
Post a Comment
Your comment will be visible after approval