sajith-fatherhood-reveals

මේ දක්වා දරුවන් සිටි බවට ආරංචි නොතිබුණ විපක්ෂ නායක සජිත් -ජලනි කැදැල්ලට දියණියක එක්වී ඇති බව ඔහු අද මුල් වරට හෙළි කළේය.
'මා දැන් දියණියකගේ පියෙක් බව' අද (24) පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
මෙම දැරිය සම්බන්ධ ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණ නමුත් කිසිවෙකු එහි සත්‍යතාව විශ්වාස නොකළේ ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් එබඳු ආරංචියක් නොතිබූ නිසාය.



 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  අද (24) පැවති ජන හමුවේදී පියෙකු වශයෙන් දියණියට හොඳ අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායි පුරවැසියෙකු කරන්නට උත්සාහ කරන බව පැවසූ අතර තම දියණියට පුද්ගලික රෝහලකින් එන්නතක් ලබා දීමට ගිය අවස්ථාවේදී එය පුද්ගලික රෝහල්වල පමණක් ලබාදෙන නමුත් රජයේ රෝහල්වල ලබානොදෙන එකක් බව දැනගත් බව දන්වා සිටි අතර තමා බලයට පත්වූ පසු සෑම රෝහලකින්ම එකී එන්නත ලබාදෙන්නට පොරොන්දු වෙන බවද කීය.
මේ රටේ බිහිවෙන සෑම දරුවෙකුටම පෞද්ගලික රෝහල්වලින් ලැබෙන සැලකිල්ලම රජයේ රෝහල් තුළින් ලබාදීමේ වැඩපිළිවෙලක් තමන් දියත් කරන බවද ඔහු කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වයස දැන් 57 ක් වන අතර ඔහු ජලනි සමග විවාහවී අවුරුදු 25 කි.
සජිත්ගේ පිය පදවිය ගැන කතාවේ වීඩියෝව පහතින්