දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී පෙරේදා පෙරවරුවේ සිදුවූ ඝාතනයක් යයි හැඟෙන රිය අනතුරින් 52 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්විය.
දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි වියේ පසුවන සැකකරු දෙහිවල ෆෙසර් ඇවනිව් ප්‍රදේශයේ පදිංචි මානික්කම විවෙක් නමැති අයෙකි.කාර්මික ඉංජිනේරුවකු ලෙස ඔහු සේවය කරයි.
ඔහු පොලිසියට කළ පාපොච්චාරණය අනුව සිද්ධිය මෙසේය.
උදෑසන 7.45ත් - 8ත් අතර මෙම අනතුර සිදුව තිබේ. කාර්මික ඉංජිනේරුවරයා තරුණියක මුණගැසී මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී උදෑසන කළුබෝවිල ප්‍රදේශයේ සිට කඩවත පාර දෙසට ගමන් කරන අතරතුර දී පටු මාර්ගයක් වූ කඩවත පාරේ අඩු වේගයකින් රථය ධාවනය කරමින් තිබී ඇත.
එවිට යතුරුපැදිකරු මෝටර් රථය ඉස්සර කර ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථය පදවමින් සිටි කාර්මික ඉංජිනේරුවරයා යතුරුපැදිකරුට බැණවැදී ඇත. එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර යතුරු පැදිය මෝටර් රථයේ ගැටී සීරීමක්ද සිදු කර ගොස් තිබේ.
මෙම නොමනා ක්‍රියාව නිසා කලබලෙන් මෝටර් රථය පැදවූ මානික්කම විවෙක්
මෝටර් රථය පිටුපසින් යතුරු පැදිකරු කඩවත පාර ඔස්සේ පැමිණෙන අයුරු බලමින් ගොස් ඇති බවත් එහිදී මෝටර් රථය මාර්ගයේ තිබූ බෝක්කුවක බැම්මෙ හැපී අනතුරක් සිදුව ඇති බව පැවසේ. එම අවස්ථාවේ ඉදිරි රෝදයේ හුළං යාම හේතුවෙන් නතර කරන්නට සිදුව ඇත.
පසුව යතුරු පැදිකරු මෝටර් රථ රියැදුරුට විහිළු කරමින් වේලාවක් නවතා තබාගෙන ඇති අතර මෝටර් රථ රියදුරු කියුවේ ‘අංකල් මට කිණ්ඩිය දැම්මා.. මට හොඳටම කේන්ති ගියා“ යනුවෙනි. ඒ සමගම යතුරු පැදිය මෝටර් රථයට ඉස්සර කර ගොස් ඇති අතර කෝපයට පත් මෝටර් රථයේ රියැදුරු හුළං ගිය රෝදය තිබියදීම මෝටර් රථය පණ ගන්වා යතුරු පැදිකරු වේගයෙන් හඹා ගොස් හප්පා ඇති බවත් එහිදී යතුරු පැදිය මීටර් 10 ක් පමණ බිම දීගේ ඇදී ගොස් ඇති බවත් හෙළිවී ඇත.දෙහිවල කඩවත පාර පැරකුම් මාවත හැරෙන හන්දිය අසලදී මෙම සිදුවීම සිදුව ඇත. මෙම අවස්තාවේ මෝටර් රථය විදුලි කණුවක ගැටී පෙරැළී ඇති අතර
යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා බිම වැටී සිටිය දී ප්‍රදේශවාසීන් එක්වී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියේ ගැටුණු මෝටර් රථය සිමෙන්ති ගැට්ටක ගැටී අසල තිබුණු
දුරකතන කුලුනක ද ගැටී පෙරළී ඇත. මෝටර් රථයට ද එමඟින් දැඩි හානි සිදුව
තිබේ. දුරකතන කුලුනටද හානි සිදුව ඇත.
පොලිසිය පවසනුයේ මෙම අනතුර සිතාමතා සිදු කළ අනතුරක් බවත් මෙය මිනිස් ඝාතනයක් සේ සලකා විමර්ශන පවත්වන බවත්ය. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි පරීක්ෂා කිරීමට පොලිසිය අධිකරණ නියෝග ලබාගෙන තිබේ.
මෙම පුද්ගලයා විසින් මෝටර් රථයට යටකර මරා දමා ඇත්තේ මොරටුව
කටුබැද්ද පෙරේරා මාවතේ පදිංචිකරුවකු වන ඩී. රංජිත් (52) නමැති අයෙකි.
තිදරු පියකු වන මොහු කොල්ලුපිටිය ප්‍රදේශයක පොල්තෙල් බෝතල් බෙදාහරින
ආයතනයක රැකියාවේ නිරතව සිට ඇත.
0 Comments