ranjith-bandara-cope

පාර්ලිමේන්තු නව සැසිවාරය ඇරඹීම සමග කමිටු අලුතින් පිහිටුවීමේදී
නමවන පාර්ලිමේන්තුවේ 5 වන සනා වාරය සඳහා කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් පත්කර තිබෙයි.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා
 ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්,

ශාන්ත ඛණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජිව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රා ආරචිචි, මේජර් සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්දු රාජ්‍යක්ෂ, එමි. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ
සහ හස්ත සංඥා පළ කිරීම හේතුවෙන් කතා බහට ලක් වූ හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබීම විශේෂත්වයකි.

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ හස්ත සංඥා සිදු කරමින් සාක්ෂි යටපත් කිරීමට උත්සාහ කළ අතර සජීවීව විකාශය වූ සාකච්ඡාව තුළ එය බොහෝ දෙනාට අනාවරණය විය.


 ක්‍රිකට් තනතුරු ලාභීන් අපහසුතාවයට ලක්වීම වැළැක්වීමට කටයුතු කලේය.එසේම නොවැදගත් මාතෘකා සාකච්ඡා කර තිබූ බරපතල මූල්‍ය දූෂණ යට ගැසුවේය. මේ හේතුවෙන් අදාළ සාකච්ඡාව දියාරු කිරීමට ඔහු හිතාමතා කටයුතු කළ බවට චෝදනා එල්ල විය.