ella-mountain-hotel-manager-death

ඇල්ල කඳුවැටියෙන් වැටී ඒ ආසන්නයේ හෝටලයක කළමනාකරුවෙකු මියයාමේ සිදුවීමක් ඊයේ  22 වාර්තා විය.
 ඇල්ල ප්‍රදේශයේ ම හෝටලයක කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති මියගිය පුද්ගලයා ඊයේ උදෑසන තවත් ඔහුගේ මිතුරෙකු සමග ඇල්ල කඳුවැටිය නැග සවස 5:00ට පමණ ඉන් බැසීමට යන අවස්ථාවේදී ප්‍රපාතයකට ඇද වැටී ඇති බව මිතුරා සාක්ෂි ලබාදී ඇත.


ඔහු පය ලිස්සා ප්‍රපාතයට ගිය බවත් පසුව පොලිසියේද සහායෙන් සිරුර සොයා මෙහෙයුම් ආරම්භ වූ බවත් මිතුරා පවසයි.
සිදු කළ මෙහෙයුමෙන් පසු ඊයේ රාත්‍රියේ මිය ගොස් සිටි පුද්ගල සිරුර හමුවී ඇත.
පොලිසිය සඳහන් කළේ, මෙම අනතුර සිදුවී ඇත්තේ, රාවණා ඇල්ල ප්‍රදේශයේදී වන බවත් අනතුරට ලක්වූ පුද්ගලයාව වැල්ලවාය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව ය.
මියගිය කළමනාකරු අවුරුදු 32ක්වූ බේරුවල, බොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.