puttalam-land-issue-death

කලක පටන් පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් පුත්තලම මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙ 10 දින සවස සිදුවු වෙඩි තැබිමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට
පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

වෙඩි වැදිමට ලක්ව මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙ ඉඩම් හිමි වැවිලිකරුවකු
වන  තිදරු පියකු වු 56 හැවිරිදි අධිකාරි මුදියන්සේලාගේ මැණික්රාල අධිකාරි නැමති අයකු බව කියයි.



වෙඩි තැබිමට සම්බන්ධ අය වෙඩි වැදිමට ලක්ව මරණයට පත් ඉඩම් හිමි වැවිලිකරු සමග වසර තුනක පමන
කාලයක සිට ඉඩම් ආරවුලක් තිබි ඇති බවත් එය වසර දෙකකට පෙර මහකුඹුක්කඩවල පොලිසිය ආරම්භ කිරීමට
පෙර ආණමඩුව පොලිසියට පැමිනිලි කර තිබු බවද කියයි.

ආණමඩුව පොලිසිය මෙය මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කර තිබුනද එහිදි තමන්ට නිසි
සාධාරණයක් සිදුව නොතිබිම හේතුවෙන් මෙම වෙඩි තැබිම කල 43 හැවිරිදි අවිවාහක  පුද්ගලයා
මහකුඹුක්කඩවල පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිමේන් පසු පාපොච්චාරණය කර තිබේ.

එහිදි සැකකරු පොලිසියට වැඩි දුරටත් පවසා ඇත්තේ තමන් කජු ඇතුළු දෑ වගා කල ඉඩම මැණික්රාල
නැමති වෙඩි තබා ඝාතනය කල තැනැත්තාටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දීමට කටයුතු කර
තිබු බවයි.



කෙසේ නමුත් මෙම  සම්බන්ධවයෙන් දෙපාර්ශවය අතර නිරත නිතර විවිධ ප්‍රශ්ණ මතුව තිබු නමුත් එය
මහකුඹුක්කඩවල පොලිසියට පැමිනිලි ලැබි නොතිබු බවද පොලිසිය කියයි.

මෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකරු 10 දින සෙම්බුකුලිය වැව් කන්දේ සැගවි සිට මෙරට නිෂ්පාදිත ගිනි
අවියක් භාවිතා කරමින් වෑ කන්දේ කැලැ සහිත ස්ථානයක සැගවි සිට ඉඩම් ආරවුලට මුල් වු තිදරු පියා
යතුරු පැදියෙන් පැමිණේන තුරු මග රැකමින් සිට වෙඩි තැබිම සිදුකර ඇති බව කියයි.

වෙඩි ප්‍රහාරයට ලක්වු ඉඩම් හිමි වැවිලිකරු වෙඩි වැදි සිදුවු දරුණු තුවාලද සහිතව වැකන්දේ සිට තම
නිවස පිහිටි ස්ථානටය මිටර් 300 කට අධික දුරක් දිව විත් ඇති බවත් එහිදි නිවසියන් කඩිනමින් අදාල
තැනැත්තාව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබු නමුත් ප්‍රතිකාර ලබා දෙමින් සිටිය දී
මොහු මරණට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු මහකුඹුක්කඩවල පොලිසිය විසින් ඝාතනය සිදුවි පැය දෙකක් යාමටත් පෙර
වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවියද සමග අත් අඩංගුවට ගැනිමට සමත් වී තිබුනී.
(හිරාන් ප්‍රියංකර)