police-bambalapitiya

බම්බලපිටිය පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල ගසකට මුත්‍ර කිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයකුට තදබල ලෙස පහර දුන්නේ යැයි කියමින් පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් කර ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.හය දෙනකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක්

තමන්ට වට කරගෙන තදබල ලෙස පහර දුන් බවත් ඔවුන් අතර ඉහළ පොලිස් නිලධාරියකු දසිටි බවත් පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සදහන් වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.එම ඉහළ නිලධාරියා තමන්ට තදබල ලෙස දෝෂාරෝපණය කළ බවද පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි එම නිලධාරියා සඳහන් කළේය.



පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ භෝජනාගාරයට තමාගේ මාමා සමග ඉකුත් 9 වැනිදා රාත්‍රියේ පැමිණ ආහාර ගෙන පිටතට පැමිණ භෝජනාගාරය ආසන්නයේ ගසක් යටට ගොස් මුත්‍රා කිරීමට සූදානම් වූ බව මම පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.එම අවස්ථාවේ භෝජනාගාරය දෙස සිට පැමිණි හය දෙනකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක් 'ඔතන මුත්‍රා කරන්නේ ඇයිද?' කියා විමසමින් වට කරගෙන තමාට පහර දුන් බවත් ඔවුන් සමග සිටි ඉහළ පොලිස් නිලධාරියා තදබල ලෙස දෝෂාරෝපණය කළ බවත් පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

පොලිස් පරීක්ෂකවරයාට පහර දුන් අවස්ථාවේ ඔහු සමග භෝජනාගාරයට පැමිණි මාමා පලා ගොස් බේරී ඇතැයි ද පැවසේ. පහර කෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා

පුද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ගෙන ඇති බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. පහර කෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ එක්තරා කොට්ඨාසයක රාජකාරී කරන අයෙකි. බම්බලපිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය