
පසුගිය වසරේ ලංකාවේ වැඩිම මී උණ රෝගින් සංඛ්‍යාව වූ 1,156දෙනෙකු සහ මරණ 15ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවීම සැලකිල්ලට ගෙන මැණික් පතල් කම්කරුවන්ට මී උණ ඖෂධ ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී තිබේ.
දිස්ත්‍රික්කයේ මැණික් පතල්වල වරින්වර සේවය කරන පතල්කරුවන්ට මී උණ වැලඳීම වාර්තා වී ඇතැයිද වෙනත් රැකියා කරමින් මැණික් පතල්වල වැඩකරන 13%කට පසුගිය වසරේදී මී උණ වැලඳී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය උදාරී නාවුලගේ මහත්මිය පැවසුවාය.
මී උණට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිසි ලෙස භාවිත නොකිරීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ මී උණ ව්‍යාප්ත වීමට හේතුව බව මැණික් පතල් කම්කරුවන්ට එම එන්නත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් ලබා ගැනීමට හැකියාව ඇතැයිද රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රිණි අලහප්පෙරුම මහත්මිය පැවසුවාය.
මැණික් පතල් සඳහා බලපත්‍ර ලබාදීමේදී මී උණ එන්නත් පතල් කම්කරුවන්ට අනිවාර්යයෙන් ලබාදිය යුතු බව බලපත්‍රලාභීන්ට කොන්දේසි පැනවිය යුතු බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසීය. මී උණට ලබාදෙන්නේ ප්‍රතිජීවක ඖෂධයක් බැවින් එය පතල්කරුවන්ට ලබාදීමේදී ක්‍රමවේදයක් අනුව ලබාදිය යුතු බවත්, කුඹුරු ගොවින්ට ලබාදෙන ක්‍රමවේදයට වඩා එය වෙනස් බව මෙහිදී සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
නිරෝෂණ පෙරේරා
Comments
Post a Comment
Your comment will be visible after approval