
හෘදය වස්තුවේ සිදුරක සැත්කමක් සදහා කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කළ තම දියණිය එහිදී ඇතිවූ කැස්සක් නිව්මෝනියා තෙක් වර්ධනයවී මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බව ඇයගේ පියා වන උපුල් ප්‍රියන්ත මහතා පවසයි.
මෙලෙස මියගොස් තිබුණේ, පන්නිපිටිය පැලැන්වත්ත හොරණ පාර පදිංචිව සිටි ආස්නා සෙනදි නමැති වයස අවුරුදු 3 යි මාස 3ක් වයසැති සිඟිත්තියකි.
ඇය යසාරා රන්මිණි 29 හා උපුල් ප්‍රියන්ත 33 යන යුවළගේ දෙටු දියණියයි. පියා පවසන්නේ, තම දියණියගේ සෙම්ප්‍රතිශ්‍යාව රෝගී තත්ත්වයට වෛද්‍යවරුන් නිසි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් තම දියණියට නිව්මෝනියා රෝගය වැලදුන බවයි.
ඉකුත් ජනවාරි 08වැනිදා රිඡ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර තිබූ තම දියණියට අංක 20 ඒ වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ බවත් රෝහලේදී කැස්ස සහ හෙම්බිරිස්සාව සෑදුණු නමුත් නිසි ප්‍රතිකාරයක් ලබා නුදුන් බවත් රෝහල් කාර්ය මණ්ඩලය එය ගණන් නොගත් බවත් දරුවාගේ පියා පවසයි.
තමන් ඒ පිළිබඳ වරින් වර පවසද්දී වෛද්‍යවරයෙක් ප්‍රතිකාර ලබා දුන්නද මදක් සුවය ලැබූ තම දියණියට එම රෝගී තත්ත්වය උස්සන්න වූ බවත් ඉකුත් 21වැනිදා තම දියණියට එකපාරම ක්ලාන්ත ගතියක් ඇතිවී අතක්ද අප්‍රාණික වි පිට් එක වැඩිවූ බවත් ඔහු පවසා සිටියේය.
එදින තම දියණියව දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබියදී පෙරේදා (24දා) රාත්‍රී මියගිය බව එම පියා වැඩිදුරටත් පැවසීය මේ පිළිබද රිඡ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක පී. විජේසූරිය මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
"දැරියගේ දෙමව්පියන් මේ දක්වා අවම වශයෙන් දුරකථනයෙන්වත් පැමිණිල්ලක් සිදු කරලා නැහැ. මේ දරුවට රෝහලින් ලබා දිය යුතු ප්‍රතිකාර ඉතා ඉහළින් උපරිම මට්ටමින් සිදු කරලා තියෙනවා. පැමිණිල්ලක් සිදු කළොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අනිවාර්යයෙන් සිදු කරනවා”
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval