homagama-death-bodies-hospital

ව්‍යාජ  ලිපිනයන් දී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිවු දෙනෙකුගේ මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා ගැටලු රැසකට මුහුණ පා ඇතැයි හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි.



මෙසේ මියගිය පුද්ගලයන් මත්තේගොඩ, අතුරුගිරිය සහ මහරගම යන පොලිස් වසම්වල සිට රෝහල්ගත කර තිබූ අතර

එක් පුද්ගලයකු සම්බන්ධයෙන් ලේඛනවල කිසිදු තොරතුරක් සටහන්ව නොමැති බව පැවසේ.

මොවුන් වයස අවුරුදු 78, 52 සහ 50 වයස්වල පසුවන්නන් බවත් මත්තේගොඩ රෝගියා 2024.01.22 දා ඇතුළත් කොට (24දා) මියගොස් තිබූ බවත් අතුරුගිරියේ රෝගියා 2024.02.07 දා ඇතුළත්ව (12දා) මියගොස් තිබූ බවත් පැවසේ. එසේම මහරගම රෝගියා 2023.10.20දා ඇතුළත්ව 2024.01.20 දා මියගොස් තිබූ බව පැවසේ.



මෙම මළසිරුරු මේ වන විට රෝහල් මෘත ශරීරාගාරයේ ශීතකරණවල තැන්පත් කර ඇති අතර ඒ හේතුවෙන් දෛනික රැගෙන එන මළ සිරුරු තැන්පත් කිරීමට බාධා එල්ල වී තිබේ. එබැවින් මේ පිළිබඳ 011 2 - 855200 අංකයට අමතා තොරතුරක් වෙතත් කඩිනමින් ලබාදෙන ලෙස හෝමාගම මූලස්ථාන පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න