
රිය අනතුරක් සේ පෙනෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගේ මරණය සැබැවින්ම රිය අනතුරකින් සිදුවූවක් ද නැතහොත් මිනීමැරුමක් නිසා සිදුවූවක් ද යන්න අද දක්වා අපැහැදිලි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(22) පාර්ලිමේන්තුවේ දී කීය. එබැවින් ඒ.සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය වරයා ඉල්ලීමක් කළේ ය.හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ විසින් ද මරණය සම්බන්ධයෙන් සැක මතු කර ඇති බවත්,
පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.එය මිනීමැරුමක් බව ඔප්පු වුවහොත් එම මරණය පිටුපස සිටින අය සොයාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවා අවශ්‍ය දඩුවම් ලබාදීමට පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval