
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06.30න් පසු ව අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව අවධාරණය කර ඇත.
අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹුණ බව අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත් එළැඹෙන අඟහරුවාදා දිනයේ නැවත සාකච්ඡාවක් සිදු කර බදාදා දිනයේ සිට වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කරන බව ද වෘත්තීය සමිති සමාජිකයෝ වැඩිදුරටත් පවසති.
Comments
Post a Comment
Your comment will be visible after approval