germany-cannabis-legal-parliament

වෛද්‍ය බලධාරීන්ගේ  සහ විපක්ෂයේ  අනතුරු ඇඟවීම් නොතකා ජර්මනියේ පහළ මන්ත්‍රී මණ්ඩලය සිකුරාදා  විනෝදාත්මක භාවිතය සඳහා ගංජා නීතිගත කිරීමට ඡන්දය ප්‍රකාශ  කර ඇත.

ඒ අනුව නව නීති මගින් වයස අවුරුදු 18 ට අඩු අය සඳහා ගංජා තහනම් වන අතර  වැඩිහිටියන්ට පුද්ගලික භාවිතය සඳහා කුඩා ප්‍රමාණයක් තබා ගත හැක.

සමස්තයක් වශයෙන්, ජර්මානු නීති සම්පාදකයින් 407 ක් නව රෙගුලාසියට පක්ෂව ඡන්දය දුන් අතර, නීති සම්පාදකයින් 226 ක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට ඇත.

එසේම නීති සම්පාදකයින් හතර දෙනෙක් තම මනාපය පළකිරීමෙන් වැලකි සිට ඇත.



මෙම පනත සම්මත කිරීම ආරම්භ වුයේ එහි  වාසි සහ අවාසි පිළිබඳ විශාල  මතභේදාත්මක ජාතික විවාදයකින් පසුවය.

විනෝදාත්මක භාවිතය සඳහා මත්ද්‍රව්‍ය නීත්‍යානුකූල කිරීම, තහනම් ද්‍රව්‍යවල නිල ලැයිස්තුවෙන් ගංජා ඉවත් කිරීම. යන කරුණු සලකමින්  මෙම පියවර ගත් යුරෝපයේ තුන්වන රට ලෙස ජර්මනිය ප්‍රකාශයට පත්ව ඇත.

තවද නෙදර්ලන්තය මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම තහනම් කරන නමුත් සමහර නගර සභා එහි යම් යම් ප්‍රතිපත්ති මත එය සමහරක් කඩවල විකිනීමට අවසර ඇත.

එසේම ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය වැනි වෙනත් රටවලද , එහි විවිධ ප්‍රදේශවලද මෙම  නීති  එකිනෙකින් වෙනස් වේ.

ජර්මනියේ පාලක සභාග පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නව ව්‍යවස්ථාව යටතේ, වැඩිහිටියන්ට පුද්ගලික පරිභෝජනය සඳහා පැල තුනක් වගා කළ හැකි අතර, අප්‍රේල් 1 සිට, නිවසේදී එකවර ග්‍රෑම් 50 ක් සහ ප්‍රසිද්ධියේ ග්‍රෑම් 25 ක් සන්තකයේ තබා ගැනීමට අවසර දෙනු ඇත.



විශේෂයෙන්ම ජූලි 1 සිට, සාමාජිකයින් 500 කට වඩා වැඩි ගණනක් නොමැති බලපත්‍රලාභී ලාභ නොලබන සමාජ ශාලාවල සියලු වැඩිහිටියන් සදහා ගංජා ලබා ගත හැකි වනු ඇත.

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය Karl Lauterbach ඡන්දයට පෙර  පවසා ඇත්තේ කළු වෙළඳපොල සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ මර්දනය කිරීම, ගනුදෙනු කිරීමේ ප්‍රමාණය අඩු කිරීම සහ භාවිතා කරන්නන් සංඛ්‍යාව කපා හැරීම මෙහි අරමුණ බවයි.

ජර්මානු රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ බාලවයස්කරුවන් සඳහා ගංජා නීති විරෝධී ලෙස පවතිනු ඇති අතර තරුණ වැඩිහිටියන් සඳහා දැඩි ලෙස සීමා කර පවතින බවත්,කිසිලෙසකින්වත් එය පාසල් සහ ක්‍රීඩා පිටි අසල විකිණීම තහනම් කර ඇති බවත් ය.

තවද Karl Lauterbach වැඩි දුරටත් සදහන් කර ඇත්තේ මෙම තීන්දුව කිසිලෙසකින්වත් වරදවා වටහාගත නොගත යුතු බවත් ගංජා පරිභෝජනය නීතිගත කර ඇති මුත් , එය භයානක නොවන බව එයින් අදහස් නොවන බවත් ය.

කෙසේනමුත් රටේ විශාලතම විරුද්ධ පක්ෂය වන ජර්මනියේ කොන්සර්වේටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (CDU) නව නීති සම්පාදනයට විරුද්ධ වී ඇත.



මේ පිලිබදව අදහස් දක්වමින් සීඩීයූ නීති සම්පාදක ටිනෝ සෝර්ජ් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක පැවසුවේ, “ළමයින් සහ තරුණයින් ආරක්ෂා කරනවා වෙනුවට සභාගය රාජ්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ක්‍රියා කරන බවයි.

එසේම ජර්මානු වෛද්‍ය සංගම් (GMA) වෙතින් සැලසුම් පිළිබඳව සැලකිය යුතු විවේචනයක් ද ඇත.

කෙසේනමුත් අවසන් වශයෙන් GMA හි සභාපති ක්ලවුස් රයින්හාර්ඩ් පවසා ඇත්තේ මෙම රටට ගංජා අනවශ්‍ය බවත්,එය ඇබ්බැහි වීමක් වන බවත්,බරපතල සංවර්ධන හානියක් ඇති කරමින් විශාල  ගැටළු මතුවන බවත් ය.