putin-kim-jong-un-car

එක්සත් ජනපද ප්‍රකාශකයෙකු විසින්  එක්සත් ජාතීන්ගේ යෝජනාවන් උල්ලංඝණය කරන බවට මොස්කව් වෙත චෝදනා කරමින් , ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතාහට රුසියානු මෝටර් රථයක් තෑගි කිරීම සමච්චලයට ලක් කර තිබේ.



උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අඟහරුවාදා කියා සිටියේ,  “රුසියානු සමූහාණ්ඩුවේ සභාපති ව්ලැඩිමීර් පුටින් විසින් කිම් ජොනුන් හට ඔහුගේ පුද්ගලික භාවිතය සඳහා රුසියාවේ නිෂ්පාදිත මෝටර් රථයක් පිරිනැමූ” බවයි.

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පසුව මෙම තෑග්ග සනාථ කරමින් කියා සිටියේ , එය පුටින් භාවිතා කළ
 සම්පූර්ණ ප්‍රමාණයේ සුඛෝපභෝගී සෙඩාන් රථයක් වන Aurus මෝටර් රථයක් වන බවයි.

මෙම ත්‍යාගය පිළබදව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් වොෂින්ටනයේ වාර්තාකරුවන්ට උපහාසාත්මකව පැවසුවේ, “රුසියාවේ සුඛෝපභෝගී මෝටර් රථයක් වැනි දෙයක් ඇතැයි තමා දැන සිටියේ නැති බවත්, කිම්ට දීර්ඝ වගකීමක් ලැබී ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්‍ ය.



කොරියානු මධ්‍යම පුවත් ඒජන්සියට අනුව, කිම්ගේ බලවත් සොහොයුරිය වන කිම් යෝ-ජොං පැවසුවේ, “මෙම ත්‍යාගය  ඉහළ නායකයින් අතර ඇති විශේෂ පෞද්ගලික සබඳතා පිළිබඳ පැහැදිලි ප්‍රදර්ශනයක් ලෙස දැක්විය හැකි” බවයි.

සැප්තැම්බරයේ රුසියාවේ දී කිම් සහා පුටින් හමුවීමත් සමග. රුසියාව සහ උතුරු කොරියාව අතර වූ සබදතා සමීප වෙමින් තිබේ .

එක්සත් ජනපද සහ දකුනු කොරියානු නිලධාරීහු පවසන්නේ දිගු කලක සිට ප්‍රමුඛතම මිලිටරි බලවතෙකු වූ රුසියාව, උතුරු කොරියානු සහ ඉරාන ආනයනයන් වෙත යොමු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන්  අදහස් දක්වමින් එක්සත් ජනපදය කියා සිටියේ වසර ගණනාවක් න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් නොහොබිනා ලෙස සිදු කර ඇති උතුරු කොරියාවට සුඛෝපභෝගී භාණ්ඩ යැවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තහනමට එරෙහි ක්‍රියාවක් වන
 බවයි.

"මෙය සත්‍යයක් නම්, එය රුසියාව විසින්ම සහය දුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා නැවත වරක් උල්ලංඝනය කරන බව පෙනේ" යයි මිලර් පැවසීය.



රුසියාවේ වඩාත්ම ප්‍රචලිත මෝටර් රථය වන්නේ ලාඩා වන අතර එය සීතල යුද්ධයේ දී බටහිර රටවල විහිළුවක් බවට පත් වූ අතර එහි කිසිදු පහසුවකින් තොර උපයෝගිතාවාදී සැලසුමක් නිසා සෝවියට් සංගමයෙන් පිටත  රියදුරන් ඉතා අඩු මිලට ලබා ගන්නා ලදී.

මෙම මෝටර් රථය ප්‍රංශයේ රෙනෝල්ට්ගේ සහාය  ඇතිව නවීකරණය වූ අතර, යුක්රේන ආක්‍රමණයෙන් පසු ලාඩාගේ සමාගම වන AvtoVAZ හි 68% ක කොටස් අත්හැර දමා මොස්කව් වෙත වත්කම් ලබා දුන්නේය.