family-death-train-accident

ආරච්චිකට්ටුව සහ ආනවිලුන්දාව අතර දුම්රිය හරස් මාරිගයේ දී යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එකම පවුලේ මව, දියණිය සහ පුතා එම ස්ථානයේදීම ඊයේ (19) සවස ජීවිතක්ෂයට පත් වූහ.මව දරුවන් දෙදෙනා අමතර පන්තියකට ඇරලවීමට යතුරුපැදියෙන් යමින් සිටියදී



මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.අනතුරෙන් මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව ගඩොල්කැලේ පදිංචි 41 හැවිරිදි ශාලිකා දිල්රුක්‍ෂි (මව), නව හැවිරිදි සිතුමි සාවින්දි ජයලත් (දියණිය) සහ හත් හැවිරිදි සසන් මන්තුල ජයලත් (පුතු), තිදෙනාය. එම පවුලේ වැඩිමල් දියණියක පමණක් ඉතිරිව සිටින බවද පොලිසිය සඳහන් කළේය.

මරණයට පත් වූ දරුවන් දෙදෙනා හැළඹවටවන ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපන ලබන බවත් ඔවුන්ගේ පියා එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් පොලිසිය පැවසීය.මෙම අනතුර පිළිබඳව කළ විමසුමක දී ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරියකු පැවසුවේ දුම්රිය ධාවනය වෙද්දී හරස් මාර්ගය වසා තිබී නැති බවයි.එම අවස්ථාවේ දී ගේට්ටු ක්‍රියාකරු එහි සිට නැතැයි ද ඔහු සඳහන් කළේය. තිදෙනා මෙසේ හැපී ඇතැයි පැවැසෙන්නේ කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියකයි. ආරච්චිකට්ටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.