face-book-attack

දරු දෙදෙනාට අමානුෂික ලෙස පහර දී දී එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට එක් කළ බව කියන දරුවන්ගේ පියා ඊයේ (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා පැවසීය.දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරියගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි

සැකකාර පියා ඉකුත්දා (05) රාත්‍රියේ නිවසේදී අවු. 09 සහ 05  හැවිරිදි දරුවන් දෙදෙනාට පහරදී ඇති බවත්,

සැකකරුගේ බිරිය ගෘහසේවය සඳහා විදේශගත වී ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති බවත්, සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවත්, දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිළිපදින නිසා සැකකරු විසින් දරුවන් දෙදෙනාට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බවට දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.සැකකරු ඔහුගේ නිවසේ දරුවන් දෙදෙනා සමග රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන සැකකරු සහ දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දිඹුල පතන පොලිසිය වෙත භාරදී ඇත. ලිඳුල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ළමයින් දෙදෙනා පොලිස් භාරයට ගත් අවස්ථාවේ ළමයින් නිරාහාරව සිටි නිසා ආහාර පාන ලබා දීමට ලිඳුල පොලිසිය පියවර ගැනිණි.

රංජිත් රාජපක්ෂ