damitha-abeyratne-lenly-johnson-korea

සිනමා නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලී ජොන්සන් එක්ව කොරියාවට පුද්ගලයින් රැකියාව සඳහා යවන ව්‍යාපාරයක් සිදුකර එහිදී එක් පුද්ගලයෙකුට ලක්ෂ 30 ක පමණ වංචාවක් කර ඇතැයි කියමින් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා දමිතාට හා සැමියාට සාක්ෂි ලබාදීමට බොරලැස්ගමුව පොලිසිය වෙත වාර්තා කරන ලෙස දන්වා තිබුණ බව පැවසේ.
කෙසේ වෙතත් නීතීඥ උපදෙස් මත යුවළ  පොලිසියට වාර්තා කර තිබුනේ නැත.
මේ නිසා ඔවුන් දෙන්නාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ලක්ෂ 30 පමණ මුදලක වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ පවත්වන්නට හැකියාවක් නැති බවත් ලක්ෂ 250 ට වැඩි ඒවා ගැන පමණක් සෙවීමට බලතල ඇති බවත් දක්වමින් මෙම ප්‍රතික්ෂේපය සිදුකර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් අධිකරණයෙන් නොතීසි නිකුත් කිරීමට නොහැකි බවය. මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර ඇත්තේ මේ අයුරින් ඉදිරියේදී “පාරේ යන අයටත් නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටීවී” යනුවෙනි.

අපේක්ෂිත ඇප‍ අයැදුම් පත්‍රයක් ඔස්සේ රහස් පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට දමිතා - ජොන්සන් යුවළ එයින් පසු කටයුතු කළ අතර මහේස්ත්‍රාත්වරයා ඊට එකඟවිය.රහස් පොලීසියට විමර්ශනය කළ හැක්කේ රුපියල් ලක්ෂ  250 කට වඩා වැඩි වංචා සිද්ධියක් සම්බන්ධයෙන්
වුවත් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන තම සේවාදායකයන්ට එරෙහි පැමිණිල්ල
පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි පෙන්වා දෙමින් නීතිඥ අජිත්
පතිරණ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.



දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ඉදිරිපත් කර ඇති මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ
වගඋත්තරකරු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා
නම් කර ඇත.

නීතිඥ තරිඳු වික්‍රමනායක මහතාගේ මෝසමකට අනුව මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ගොනු කළ අතර
එම අපේක්ෂිත ඇප‍ අයැදුම් පත්‍රය කැඳවූ අවස්ථාවේදී නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින්
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක්
සම්බන්ධයෙන් තම සේවාදායකයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කරන බව තමන්ට
දැනගැනීමට ලැබී ඇතැයි කීය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 06 වැනිදා දක්වා
පෙත්සම්කාර යුවළ අත්අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින
අධිකකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ
ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කළේය.