Satoshi-Kirishima-DNA-test-confirms-dying-man-was-one-of-Japans-most-wanted

ජපානයට අවශ්‍යව සිටි අපරාධකරුවෙකු ලෙස ප්‍රකාශ කළ පුද්ගලයෙකු මරණාසන්න මෙහොතේ DNA පරීක්ෂණයකින් හෙළි කරගන්නට සමත්වී තිබේ.

සතෝෂි කිරිෂිමා ජනවාරි මාසයේදී  පාපොච්චාරණය කළේ,  "මට මගේ සැබෑ නම සමඟ මරණය කරා යෑමට අවශ්‍යයි" යනුවෙනි.

1970 ගණන්වල මාරාන්තික බෝම්බ ප්‍රහාර කිහිපයක් පිටුපස සිටි සටන්කාමී කණ්ඩායමක සාමාජිකයෙකු වූ 70 හැවිරිදි කිරිෂිමා බව නිලධාරීන් මේ වනවිට තහවුරු කරගෙන ඇත.

ඔහුගේ මුහුණ ජපානය පුරා පෝස්ටර් මගින් ප්‍රසිද්ධ කර තිබියදීත් , ඔහු මෙතරම් කාලයක් නිදැල්ලේ සිටියේ කෙසේද යන්න පැහැදිලි නැත.



1975 අප්‍රේල් 18 වන දින ටෝකියෝ හි ගින්සා දිස්ත්‍රික්කයේ ගොඩනැගිල්ලක කොටසක් විනාශ කිරීමට යොදා ගත් බෝම්බයක් ස්ථානගත කිරීමට සහ පුපුරුවා හැරීමට කිරිෂිමා උදව් කළ බවට සැක කර තිබේ . එම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවීය.

ඒ වන විට ඔහු ක්‍රියා කරමින් සිටියේ,  70 දශකයේ ජපානයේ ටෝකියෝ අගනුවර සමාගම්වලට බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කිරීම පිටුපස සිටි බවට විශ්වාස කෙරෙන රැඩිකල් වාමාංශික සංවිධානයක් වන නැගෙනහිර ආසියා-ජපාන විරෝධී සන්නද්ධ පෙරමුණටය. මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් 160 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.



කණ්ඩායම සිදුකළ තවත් ප්‍රහාර හතරකට කිරිෂිමා සම්බන්ධ බවට චෝදනා එල්ල වේ. ප්‍රහාරවලට සම්බන්ධ තවත් සාමාජිකයන් දෙදෙනකුට මරණ දඬුවම නියම විය.

පොලිසියට කිසිදා හසු නොවූ මෙම කණ්ඩායමේ එකම සාමාජිකයා කිරිෂිමා යැයි වාර්ථා වෙයි.   දිගු කෙස් ඇති, කණ්නාඩි පැළඳ සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ පින්තූරයක් දශක ගණනාවක් තිස්සේ රට පුරා පොලිස් ස්ථානවලින් පිටත පෝස්ටර්වල දක්නට ලැබිණි. .

Hiroshi Uchida යන නම භාවිත කරමින් සිටි කිරිෂිමා,  වසර 40 කට ආසන්න කාලයක් ටෝකියෝවේ බටහිර මායිමේ පිහිටි Fujisawa නගරයේ ජීවත් වූ බව වාර්තා වේ.

ඔහු ඉදිකිරීම් සමාගමක හා කම්කරු රැකියාවල නිරත වූ බව පොලිසියට පවසා ඇති බව වාර්තා වෙයි.

මාරාන්තික පිළිකාවට ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙන විට ඔහුට රියදුරු බලපත්‍රයක් හෝ සෞඛ්‍ය රක්ෂණයක් නොතිබී ඇත.

කාර්ය මණ්ඩලය පසුව පොලිසියට දැනුම් දුන් අවස්ථාවේදී ඔහු තම සැබෑ අනන්‍යතාවය හෙළි කළේ ය.



ඔහුගේ පවුලේ අය සහ නැගෙනහිර ආසියා විරෝධී ජපාන සන්නද්ධ පෙරමුණ පිළිබඳ තොරතුරු ඔහුට පැවසීමට හැකි වූයේ ජනවාරි 29 වන දින ඔහු මිය යාමට පෙර දින පැවති සම්මුඛ සාකච්ඡා වලදීය.  එහි දී ඔහු ඇතැම් චෝදනා ප්‍රතික්ෂේප කළ බව වාර්ථා වෙයි.

ටෝකියෝ පොලිස් ප්‍රකාශකයෙකු AFP ප්‍රවෘත්ති ඒජන්සියට තහවුරු කළේ ඩීඑන්ඒ පරීක්ෂණයෙන් කිරිෂිමා සම්බන්ධ නඩු ලිපිගොනු ටෝකියෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයට යැවීමත් සමඟ ඔහුගේ ප්‍රකාශයන් තවදුරටත් තහවුරු කර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, කිරිෂිමාට මෙතෙක් සැගවී සිටීමට කිසිවෙකු උදව් කළේද නැද්ද යන්න පිළිබඳවද පොලිසිය දිගටම විමර්ශනය කරනු ඇත.