pictured-driver-trapped-rising-flood

එංගලන්තයේ ඉහළ යන ගංවතුර තත්වය අතරතුර තම මෝටර් රථයක සිරවී සිටි රියදුරු උපදේශකවරයෙකු, ගිනි නිවන නිලධාරීන් බලා සිටියදී එම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බේරාගත් සිදුවීමක් එරට මාධ්‍ය මගින් වාර්තාකර තිබේ.

චිත්‍රපට නිෂ්පාදක ජේමි ප්‍රයිස් සහ ඔහුගේ සහකරු ඩැනියෙල් පැවසුවේ , ඉරිදා උදෑසන ඔවුන් එසෙක්ස් කලාපයේ ඉන්ගෙටස්ටෝන් හී එම ස්ථානයට යන විට , මෝටර් රථ රියදුරෙකු දියේ ගිලෙමින් සිටිනු ඔවුන් දුටු බවයි.

Billericay සහ Hutton සිට එසෙක්ස් ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ කාර්ය මණ්ඩල දෙකක්, ගිලන් රථයක් සහ පොලිස් මෝටර් රථයක් සිරවී සිටි රියදුරු අසල නවතා තිබූ නමුත්

ප්‍රයිස් මහතා පැවසුවේ ,

පැමිණ සිටි හදිසි සේවා නිලධාරීන්ගේ සංඛ්‍යාව අනුව රියදුරු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන තමා පුදුමයට පත් වූ බවයි.

 රියදුරුගේ වාහනය අඩි 4 කට වඩා ජලයෙන් යටවී තිබී ඇත.

ප්‍රයිස් මහතා විසින් ඔවුන් වතුරට නොබසින හේතුව විමසූ විට , ඒ සදහා විශේෂිත කාර්ය මණ්ඩලයක් අවශ්‍ය බව හදිසි සේවා නිලධාරීන් පවසා ඇත.

ජල මට්ටම අඩි 4.5ක් වූ නිසා ඔවුන් විශේෂඥ කාර්ය මණ්ඩලයක් එනතුරු බලා සිටි අතර, ඔවුන් ගංවතුර සහිත ජලයේ ගමන් කර ඇත්තේ ඉන උසට පමණි.

වඩාත් විශේෂිත කාර්ය මණ්ඩලය නියමිත වේලාවට රියදුරු වෙත නොපැමිණීම ගැන තමා සහ ඔහුගේ සහකරු සැලකිලිමත් වූ බව ප්‍රයිස් මහතා පැවසීය.

විශේෂිත කාර්ය මණ්ඩලය පැමිණෙමින් සිටියේ සිදු වීම සිදු වූ ස්ථානයට සැලකිය යුතු දුරකින් ඇති කොල්චෙස්ටර් ප්‍රෙද්ශයේ සිට ය.

එසේ ගත් කළ ඔවුන් එන තුරු ජලයේ සිර වී සිටි පුද්ගලයාට තවත් විනාඩි 40ක පමණ කාලයක් ජලයේ සිටීමට සිදු  වෙයි.  එපමණ වේලාවක් බලා සිටීමට නොහැකි වූ කළ ප්‍රයිස් මහතා සහා ඔහුගේ සගයා මෙයට මැදිහත් වීමට තීරණය කර ඇත.

චිත්‍රපට නිෂ්පාදකයා පැවසුවේ ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවකයන් සම්බන්ධයෙන් තමන් අනුකම්පා වන බවත්,  ඔවුන්ට යමක් කිරීමට අවශ්‍ය වූ බව පෙනෙන්ට තිබුණු බවත්ය. ඔවුන් එයට මැදිහත් වීමට පසුබට වූයේ එහි තිබූ දැඩි අවධානම් සහගත නිසා බව තමාට පසුව වැටහුණ බවද  ප්‍රයිස් මහතා පැවසීය.