
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ මියගිය ‘වනාතේ තම්බි' නමැත්තාගේ බිරිය සහ අඹු සැමි යුවළක් රත්රන් කිලෝවක් සහ මත්ද්‍රව්‍ය ද සමග යුක්තිය මෙහෙයුමේදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදැයි ගල්කිස්ස පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් කිලෝවකට වැඩිය බරින් යුත් රන් ආභරණ තොගයක්ද හෙරොයින් ග්‍රෑම් 21ක් ද අයිස් ග්‍රෑම් 2ක් ද රුපියල් 57,000ක මුදලක් සහ ලක්ෂ ද 5 බැගින් වූ සුරැකුම්පත් දෙකක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරක් මත ගල්කිස්ස දුම්රියපොළ අසල දී හෙරොයින් ග්‍රෑම් 10ක් රැගෙන ත්‍රිරෝද රථයෙන් පැමිණි අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව පොලිසිය කළ විමර්ශනවල දී හෙළි වූ තොරතුරු මත සැකකරුවන් පදිංචි බොරැල්ල වනාත පාරේ නිවෙස පරීක්ෂා කිරීමේ දී සැකකරුගේ බිරියගේ සහ ඇයගේ සහෝදරිය සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
නිවෙසේ තැන් තැන්වල සඟවා තිබූ රන්මාල, මුදු, කරාබු, අත් පළඳනා ඇතුළු කිලෝවකට අධික බරින් යුතු රත්රන් තොගයක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරියගේ සහෝදරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මියගිය 'වනාතේ තම්බි ' නමැත්තාගේ බිරිය බවත් යුක්තිය මෙහෙයුමට බියේ ඇය සින්න දූපතේ පිහිටි අතිනවීන තෙමහල් නිවෙස අතහැර දමා තම නැගණියගේ නිවසේ දින ගණනාවක් සැඟවී කල්ගෙවා ඇති බවත් පොලිසිය කියයි. සැකකරු සහ සැකකාරියන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval