
යුක්තියේ මෙහෙයුමට ඔත්තු ලබා දුන්නැයි සැකපිට වැල්ලම්පිටිය සේදවත්ත නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකුට පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
48 හැවිරිදි සෙල්ලයියා සමුගන් නොහොත් තම්බිරාජා යන අයගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
වෙඩි වැදුණු පුද්ගලයා හිටපු පාතාල කල්ලි නායක ප්‍රින්ස් කොලම්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.
එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ මීට දින කීපයකට ඉහතදී පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා දුන්නැයි සැකපිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව තුවාලකරු ප්‍රකාශ ලබා දී ඇත.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයකුගේ හා කාන්තාවන් දෙදෙනෙකුගේ නම් ද තුවාලකරු විසින් පවසා තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. හැරිසන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval